Microsoft සමාගම නව Lumia software update වෙබ් පිටුව සමග Windows 10 Mobile...

Microsoft සමාගම නව Lumia software update වෙබ් පිටුව සමග Windows 10 Mobile නිකුත් කිරීමට සැරසෙයි

4245
1
SHARE

Microsoft සමාගම තම ප්‍රථම Windows 10 දුරකතන වන Lumia 950 සහ 950 XL මෙම මස තුලදී එක්සත් ජනපදය තුල නිකුත් කිරීමට නියමිතයි. තවද මෙම වසර අවසන් වීමට පෙර දැනට පවතින දුරකතන සඳහා ද නව OS 1ක නිකුත් කිරීමට නියමිතව පවතී.

එම ක්‍රියාවලිය ආරම්භ වන දින වකවානු පිළිබඳ පැහැදිලිව සඳහන් නොවුවද, එහි සූදානම පිළිබඳ නව මුහුණුවරකින් නිකුත් වූ Software update for Lumia with Windows 10 වෙබ් පිටුවෙන් අවබෝධයක් ලබාගත හැක.

සෑම උපාංගයකටම එකම වෙලාවේ තොරතුරු ප්‍රචාරය නොකොට, Windows Phone 8.xහි මුල් updates නිකුත් කල ලෙසින්ම, එක් එක් වෙළඳපොල තුල පවතින අදාල handsets සඳහා Windows 10 Mobile නිකුත් කිරීමට තොරතුරු කාලානුරූපව වෙබ් අඩවිය වෙත නිකුත් කිරීමට Microsoft සමාගම අදහස් කරයි.

Microsoft සමාගම දැනටමත් Windows 10 Mobile ප්‍රථමයෙන්ම upgrade කල හැකි Lumia දුරකතන 10ක් හඳුන්වාදී ඇතත් මේ අනුව පෙනීයන්නේ එම දුරකතන අතරින් වුවද markets සහ carriers අනුව upgrade 1ක නිකුත් වන දිනය වෙනස් විය හැකි බවයි.

Microsoft සමාගමට අනුව Windows Phone 8.1 සහිත Lumia දුරකතන සඳහා upgrade 1ක නිකුත් කිරීමට අදහස් කරන අතර පෙර වාර්තා වූ පරිදි internal storage 1ක 8GB වලට අඩු දුරකතන සඳහා එම පහසුකම නොලැබේ. නව OS 1ක install කිරීම සඳහා 1.5GB storage 1ක් අවශ්‍ය වේ.

Comments

comments