Microsoft නිකුත් කල අලුත්ම App එක PowerApps

Microsoft නිකුත් කල අලුත්ම App එක PowerApps

2916
1
SHARE

Microsoft සමාගම පසුගිය දිනක අලුත් App එකක් හදුන්වා දී තිබුනා. ඒ තමයි PowerApps. මේ App එක හරියටම Office වගේ service එකක් විදිහට අපිට හදුන්වන්නට පුළුවන්. මේ හරහා Company එකක ඔනෑම Employee කෙනෙකුට පහසුවෙන් mobile හෝ Web Business Apps නිර්මාණය කරන්නට අවස්ථාව ලබා දෙනවා. දැන් මේ පහසුකම Preview අවස්ථාවේ නිල වශයෙන් නිකුත් කොට තිබෙනවා.

Microsort සමාගමේ මේ Application එක සම්බන්ධව කටයුතු කරන Bill Staples මේ ගැන මේ මාසයට කලින් ද මේ සම්බන්ධව අදහස් දක්වා තිබුනා. ඔහු පවසන්නේ Employeesලා දැන් වන විට බොහෝමයක් Mobile වෙමින් පවතින බවත් නමුත් තවමත් ඔවුන් desktop එකකට සීමා වී ඇති බවත්ය. මේ හේතුව නිසාවෙන්ම අපට බොහෝ Apps තිබුනත් තවමත් ඒවාට ආයතනයේ සියලුම ඩේටා සමග ක්‍රියාකරන්නට හෝ දිනපතා තොරතුරු සමග Update වන්නට හැකියාවක් නොමැති වී තිබෙනවා.microsoft-powerapps-100630651-orig (1)

Companies බොහෝමයක් මේ වනවිට SaaS (Software as a Service) විසදුම් සදහා යොමුවෙමින් තිබෙන කාලයක, එනම් CRM, travel and HR, Microsoft Dynamics, Concur වැනි දේ සමග ආයතන දියුනු වීමේදී Business App වල තත්ත්වය තවමත් ආයතනය තුලටම පමණක් සීම වී තිබීමද අභාග්‍යය සම්පන්න තත්වයක් ලෙසයි Microsoft සමාගම දකින්නේ.

නමුත් ඇත්තටම ආයතනයක් තුල දත්ත ගබඩා කරන්නට මෙන්ම මේවා සම්ග වැඩ කරන්නට විශාල වශයෙන් එකිනෙකට සම්බන්ධ කල නොහැකි Systems පවතිනවා. ඒ වගේම මේ සියල්ලටම Business Apps නිර්මාණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවෙයි. PowerApps හි අරමුණ වන්නේද මෙම අභියෝගය පහසුවෙන් ජයගැනීමයි. නමුත් ආයතනයක දත්ත Cloud එකකද තැන්පත් කලහොත් Usersලාට තමන්ගේ Apps වලට පහසුවෙන් එවා යොදාගන්නට හැකියාවක් ලැබෙනවා. මේ නිසා PowerApps හි Office 365, Dynamics CRM, Salesforce, Dropbox, OneDrive වගේම SharePoint, SQL Server, Oracle, SAP වැනි database පහසුකම් සමගද සම්බන්ධ කර තිබෙනවා.

උදාහරණයක් විදිහට ඔබේ App එකේ Data Store කරන්න Excel Sheet එකක් වගේ පාවිච්චි කරනවනම් ඒක Dropbox වල Save කරන්න පුළුවන්. PowerApps මේ සියල්ලටම අවස්ථාව ලබා දෙනවා. PowerApps මේ වෙනුවෙන් ම උසස් තත්වයේ Graphical Interface එකක් ද කලින් නිර්මාණය කරන ලද templates විශාල ප්‍රමාණයක්ද ලබා දෙනවා. ඉතින් බොහොම පහසුවෙන් Clicks කිහිපයකින් ඔබට අවශ්‍යම අකාරයේ Business App එකක් නිර්මාණය කරන්නට මෙයින් අවකාශ ලැබෙනවා.

මෙම PowerApps එක දැන් iOS, Android සහ Windows Phone මෙන්ම web සදහාද නිපදවා තිබෙනවා. ආයතනයේ Policies වලට අනුකූලව දත්ත ලබාගන්නත් කලමණාකරනය කරන්නත් හොද අවස්ථාවක් PowerApps වලින් ලැබෙනවා. ඒ වගේම Microsoft Developersලා පාවිච්චි කරන Azure Web service එකද මෙමගින් developersලාට ලබාගන්නටත් අවස්ථාව ලැබෙනවා. මෙම සේවාවෙහි මිල ගණන් තවමත් ඉදිරිපත් කර නම් නැහැ.

unnamed-12 (1)

නමුත් මෙමගින් ඉදිරියේදී බොහොම පහසුවෙන් Business App එකක් ඔනෑම අයෙකුට නිර්මාණය කර පාවිච්චි කරන්නට අවස්ථාව ලැබෙනු ඇති බව නම් විශ්වාසයි.

Comments

comments