බොහෝ දෙනා භාවිතා නොකරන Microsoft Office සිංහල සෝදුපත් මෙවලම

බොහෝ දෙනා භාවිතා නොකරන Microsoft Office සිංහල සෝදුපත් මෙවලම

5861
1
SHARE

ඔයා Microsoft Office තුල සිංහල භාවිතා කරනවද? එහෙනම් මේ ලිපිය ඔබට වැදගත් වෙනවා. අපි Microsoft Office පැකේජය තුල English වලින් ටයිප් කරද්දී යම් වචනයක් වැරදුනොත් එය රතු පාටින් underline වෙලා පෙන්වනවා.

Screenshot (90)

මෙලෙසම Microsoft Office සිංහල සෝදුපත් මෙවලම හරහා ඔබට සිංහල භාෂාව භාවිතයේදී ඇති වන වැරදි, නිවැරදි කර ගන්නට හැකියාව ලැබෙනවා. Microsoft Office විසින් ස්වයංක්‍රීයව ස්ථාපනය නොකරන ලද භාෂාවක් සදහා අක්ෂර පරීක්ෂා කිරීමට හැකියාව සලසා දීම තමයි මේ මෙවලමේ අරමුණ.

Screenshot (89)

ඔබට මේ ලින්ක් එක හරහා මේ මෙවලම ලබා ගන්නට පුළුවන්. මෙය Microsoft Office 2013 සහ 2016 සංස්කරණ සඳහා සහයෝගය දක්වනවා. මේ මෙවලම
Microsoft Office Excel
Microsoft Office OneNote
Microsoft Office Outlook
Microsoft Office PowerPoint
Microsoft Office Word සමඟින් ක්‍රියාත්මක වේ.

Comments

comments