Microsoft සමාගම නවතම DT-904 Wireless Charger හඳුන්වාදීමට සැරසෙයි

Microsoft සමාගම නවතම DT-904 Wireless Charger හඳුන්වාදීමට සැරසෙයි

2822
1
SHARE

මීට වසරකට පමණ ඉහතදී, Microsoft සමාගම Nokia Lumia 730,735 සහ 830 හඳුන්වාදීමේදී Nokia DT-903 Wireless Charging Plate 1කද හඳුන්වාදෙනු ලැබුවා. එහි ඇතුලත් novel illumination system මගින් එය අනෙකුත් desktop wireless charging pads අතර වෙනස් බවක් පෙන්නුම් කරනු ලැබුවා. එමගින් දුරකතනයේ pending notifications සහ එය charge කිරීමට අවශ්‍ය බව පවා මතක් කර දෙනු ලැබුවා.

මෙතෙක් වෙළඳපොලෙහි පැවති DT-903ට ආදේශකයක් ලෙස, Nokia වෙනුවට තම වෙළඳ සලකුණ යොදාගනිමින් DT-904 හඳුන්වාදීමට Microsoft සමාගම සැරසෙයි.

1_dt-904-02

Microsoft සමාගම තම වෙබ් අඩවියේ DT-904 Wireless Charger 1ක දක්වා ඇත්තේ DT-903ට සමාන Qi Charging Pad 1ක් ලෙසයි. තවද වෙබ් අඩවියේ එය සුදු පැහැයෙන් පමණක් පෙන්නුම් කලත්, වෙළඳපොලට නිකුත් කරනු ලබන වෙනත් වර්ණයන් පිළිබඳව තවමත් පැහැදිලිව දක්වා නොමැත.

DT-904 විශේෂාංග අතින් DT-903ට බෙහෙවින් සමාන බවක් පෙන්නුම් කරන අතර, DT-903හි ඇතුලත් වූ illumination features සහ NFC pairing වලට සහය දැක්වීමද සිදුකරයි.

ඔබට Microsoft වෙබ් අඩවියේ DT-904 නැරඹිය හැකි අතර තවම එය මිලදී ගැනීමට පහසුකම් සලසා නොමැත. එය අලෙවි කරන මිල, අලෙවි කරන ස්ථාන හෝ වෙළඳපොලට නිකුත් කරන දිනය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවේ. නමුත් එහි වර්තමාන තත්වය අනුව, එම තොරතුරු ලඟදීම නිකුත්වනු ඇති බවට බලාපොරොත්තු විය හැක.

Comments

comments