Microsoft සමාගම ප්‍රථම වරට Windows 10 Insider Preview 11082 ලෙස Redstone නිකුත්...

Microsoft සමාගම ප්‍රථම වරට Windows 10 Insider Preview 11082 ලෙස Redstone නිකුත් කරයි

2818
1
SHARE

මෙම පුවත Windows 10 testersලා හට කලින්ම නත්තල් උදා වූවාක් වැනි ආරංචියක් පිළිබඳයි. එනම් Microsoft සමාගම ඊයේ දින පරිගනක සඳහා වූ Fast ring වෙත Windows 10 Insider Preview build 11082 නිකුත් කරන ලදී. එය සමාගම විසින් නිකුත් කරන ලද Redstone development branch(RS1) සඳහා වූ ප්‍රථම build එකයි. නමුත් එහි ලබන වසරේදී පොදුවේ නිකුත් කිරීමට සූදානම් වන Redstoneහි නව විශේෂාංග තවමත් අන්තර්ගත නොවේ.

Microsoftහි Gabe Aulට අනුව මෙම build එකෙන් කැපීපෙනෙන වෙනස්කම් හෝ නව විශේෂාංග දක්නට නොලැබෙන අතර, Windows 10 සඳහා වූ November update එකෙහි feedback මත උපාංග වැඩිදියුණු කිරීම සිදුකරයි. එයට පරිගනකයේ Windows 10 November update එක මෙන්ම දුරකතන මත දිවෙන Windows 10 සඳහාද වන cumulative updates වල වෙනස්කම් ද ඇතුලත් වේ.

තවද ඔහු පවසා සිටියේ Windows සියලුම උපාංග සඳහා බෙදාහරින Windowsහි හදවත වන් OneCore වෙත ඔවුන් structural improvements සිදුකරන බවයි. ඒ සඳහා ඔවුන් code refactoring සහ වෙනත් ඉංජිනේරු ක්‍රම යොදාගැනීම මගින් OneCore අවශ්‍ය ආකෘතියකට ගෙන ඒමෙන් ලබන වසරේදී නව විශේෂාංග හා වැඩිදියුණු කිරීම් පරීක්ෂා කිරීමට කණ්ඩායම් වෙත ලබාදීමට නියමිතයි.

Windows 10 Insider Preview build 11082, Redstoneහි ප්‍රථම නිකුත් කිරීම මෙන්ම, Microsoft සමාගම ‘known issues’ ලැයිස්තුවක් නිකුත් නොකරන ප්‍රථම අවස්ථාව ද වෙයි. තවද මින් ඉදිරියට මෙම තොරතුරු Windows 10 සඳහා වන Insider Hubහි පල කෙරේ.

පහතින් දැක්වෙන්නේ එලෙස උපුටාගත් build 11082 හි known issues ය.

  • Language packages සහ අවශ්‍ය විශේෂාංග install නොවනු ඇත. ඒ      පිළිබඳ අප ගවේෂණය කරනු ඇත.
  • Copy, delete සහ files move කිරීමේදී progress dialog දර්ශනය  නොවනු ඇත. බාධාවකින් තොරව එම කටයුතු සම්පූර්ණ වනු ඇත. මෙමගින්  විශාල files හෝ directories භාවිතයේදී පැටලිලි සහගත තත්වයක් උදාවිය  හැක.
  • සමහර application සඳහා වන default applications, reset වනු ඇත.  Music සහ Video සඳහා Windows Media Player එක default වනු ඇත.  එය Cortana මගින් හෝ “Chose default apps by file type” ලෙස    search කිරීමෙන් Settings පිටුව විවෘත කරගැනීමෙන් සකසාගත හැකිය.

Comments

comments