Microsoft සමාගම වෙතින් Surface Phone එකක්…?

Microsoft සමාගම වෙතින් Surface Phone එකක්…?

3054
1
SHARE

ලබන සතියේ Microsoft සමාගම තම නවතම දුරකතන යුගලය වන Lumia 950 සහ Lumia 950 XL අලෙවිය සඳහා නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. Windows 10 Mobile වගාවක් වශයෙන් සැලකූ විට, මෙම දුරකතන එහි මුල් අස්වැන්න ලෙස සැලකිය හැක. එමෙන්ම Windows 10 පිළිබඳ සාකච්ඡාවේදී Surface නාමය අමතක කල නොහැක. එම නිසා Windows 10 Mobile ගැන සැලකීමේදී Surface Phone එකක් නිර්මාණය වීමේ හැකියාවක් පිළිබඳ සිහියට නැගෙයි.

microsoft-surface-phone-1447858452-0-12

WinFuture වෙබ් අඩවිය වෙත එවන් උපාංගයක් දැනටමත් පවතින බවට benchmark result මගින් අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇත. ඒ පිළිබඳ පිළිගත හැකි සාධක ලැබී නොතිබුණත්, පෙනීයන්නේ “Surface Phone” නමින් හඳුන්වනු ලබන යෙදීමක් benchmarking website එක වෙතින් පෙන්නුම් කෙරෙන බවයි. තවද එය අයෙකුගේ විහිලුවක් විය හැකි බැවින් ඉහත දත්තය පිළිබඳ දැනට එතරම් සැලකිය යුතු නොවේ.

Surface Phone එකක් පිළිබඳ අදහස අත්හැරීමට අපහසු වුවත්, මෙම සාක්ෂිය සත්‍ය වී ඉතා අගනා Windows 10 Mobile උපාංගයක අත්දැකීම විඳගැනීමට අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු.

WinFuture අනුග්‍රහයෙනි.

Comments

comments