Microsoft Wallet- ඔබේ මුදල් පසුම්බියට අළුත් මුහුණුවරක්

Microsoft Wallet- ඔබේ මුදල් පසුම්බියට අළුත් මුහුණුවරක්

2328
1
SHARE

Windows 10 Mobile භාවිතා කරන්නන්ට ඔන්න දැන් පහසුවෙන්ම ඉතා ආරක්ෂිතව තමන්ගේ වියදම් ටික කරගන්න අවස්ථාව තියනවා.

Microsoft Wallet කියන්නේ MasterCard සහ Visa එක්ක හවුලේ හදපු cloud-based payment technology එකක්. Lumia 950, 950 XL සහ 650 වල Insiders build 14360 සිට ඉහළට මෙම පහසුකම ලබා දී ඇති අතර ලොව පුරා මිලියන ගණනක වෙළඳඵලවල් වල මෙය අලෙවි වෙනවා.

 

දැන් බොහෝ දෙනාගේ අධික කාර්යබහුලත්වය නිසාත් mobile phones පැත්තට නැඹුරු වීමත් එක්ක ඇත්තටම මුදල් පසුම්බිය අවුස්සනවාට වඩා මේ ක්‍රමය කොච්චර පහසුද? සරලද?

ඒ විතරක් නෙමෙයි Microsoft account එකෙන් පහසුවෙන්ම log වෙලා වඩා ආරක්ෂිතව මේ වැඩේ කරගන්න පුළුවන්. හැම සාමාජිකයෙක්ටම membership number එකක් ලැබෙනවා. ඔබට කරන්න තියෙන්නේ ඒක phone එකෙන් scan කරගන්න විතරයි.

ඔබේ ගනුදෙනු සිදු කරද්දී කිසිදු ආකාරයකින් ඔබේ credit හෝ debit card number එක වෙළෙඳසැල් හිමියාට ලබා දෙන්නේ නැහැ. Tap to pay කළ විට Microsoft Wallet එකෙන් encrypt කළ single-use transaction number එකක් යවනවා. මෙය එක් වතාවකට විතරයි වලංගු වෙන්නේ. ඉතිං ඇත්තටම card එක භාවිතා කරනවටත් වඩා මෙය ආරක්ෂිතයි.

Phone එක නැති වුනාද?

ප්‍රශ්නයක් නැහැ. ඔබේ card number එක මේකේ save වෙලා නැහැ. කවුරුත් ඔබේ device number එක දන්නෙත් නැහැ. මේකෙන් ලැබෙන අමතර වාසියක් තමයි map එකේ ඔබේ නැති වුන phone එක පෙන්නනවා. ඉතිං කිසිම බයක් නැතුව නිදහසේ ඉන්න පුළුවන්.

2

මෙහි ඇති විශේෂාංග,

credit card එක නැතුවම බිල ගෙවන්න.

 

 

 

 

 

 

 

cards ගොඩක්, එක app එකක්,

 

 

 

 

 

 

Reward cards වලටත් අවස්ථාවක්,

 

 

 

 

 

 

ඔබේ බැංකුව මෙහි නැත්නම් විමසන්න,

Source: Windows Blog

Comments

comments