Need for Speed 2015 දැන් Xbox වලට

Need for Speed 2015 දැන් Xbox වලට

3662
1
SHARE

EA Games ලගේ අති සාර්ථක Need for speed series එකේ අලුත්ම ගේම් එක තමා Need for Speed 2015. මේ අවුරුද්දෙ නොවැම්බර් 5 වැනිදා තමයි ගේම් එක Xbox One කොන්සෝල් වලට රිලීස් කලේ. PC Gamers ලට නම් 2016 අප්‍රේල් වෙනකන්වත් ඉවසන් ඉන්න වෙනව. ගේම් එක ඩිවලොප් කරල තියෙන්න EA Games යටතේ තියෙන Ghost Studio එකෙන්.

වැඩි විස්තර කතා කරන්න කලින් Trailer එක බලල ඉන්නකො.

හරි.ගේම් එක ගැන කතා කලොත් Venture bay කියන  City එකේ  Street racer  කෙනෙක් විදිහට ඔයාලට විවිධ ආකාර 5ක් යටතේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. Outlaw, Style, Build, Speed, Crew කියන ආකාර 5 යටතේ තමයි ගේම් එක ප්ලේ කරන්න තියෙන්නෙ. මේ විදිහට ප්ලේ කරල Reputation & Money වැඩි කරගෙන තමයි ගේම් එකේ ඉස්සරහට යන්න පුළුවන්. ගේම් එක අතරතුර ඔයගොල්ලන්ට KEN BLOCK වගේ රේසින් රැලි ඩ්‍රයිවර්ල වගේම Risky Devil වගේ Street Racing ටීම් වල Live Action Cut Scenes බලාගන්න පුළුවන්.

තවත් විශේෂ දෙයක් තමයි මේ ගේම් එක NFS Underground,Underground 2 වගේ Night Street Racing Culture එකත් එක්ක බැදුණු රේසින් ගේම් එකක Reboot එකක්. NFS Underground,Underground 2 වල තිබුන Vehicle Customization  කියන Option එක නැවතත් Need for Speed 2015 වලදි දකින්න පුළුවන්.

2013 රිලීස් කරපු NFS Rivals වල තිබුන Graphics මතක ඇතිනෙ. ඊට නොදෙවෙනි Graphics & Sound Effects මේ ගේම් එකේදිත් Ghost Studio එක යොදාගෙන තියෙනව. NFS Rivals, Battlefield වගේ ගේම් වලදී යොදාගත්ත Frostbite Game Engine එකෙන් ගේම් එකට ලොකු තාත්වික ගතියක් එකතු කරලා තියෙනව.

Xbox One කොන්සෝල් එකක කරන Game Play Video එකක්.

Comments

comments