සන්නිවේදන බාධකයන් බිඳ දමමින්, Skype translator දැන් සියලුම Windows පාරිභෝගිකයන්ට

සන්නිවේදන බාධකයන් බිඳ දමමින්, Skype translator දැන් සියලුම Windows පාරිභෝගිකයන්ට

2519
1
SHARE

අද දිනයේ Skype for Windows සඳහා Microsoft සමාගම අපූරු අංගයක් එකතු කළා. දැන් කථන භාෂා (voice languages) 6ක් (English, French, German, Italian, Mandarin සහ Spanish) සහ පණිවිඩ භාෂා(messaging languages) 50ක් සජීවීව පරිවර්තනය කරන්නට Skype සමත්. සන්නිවේදනයේ ඇති ප්‍රබලම බාධකයක් බිඳ දැමීමට මේ හරහා Microsoft සමාගම සමත් වෙලා තිබෙනවා. 2014 වසරේදී මෙම අංගය Preview ලෙසින් නිකුත් කෙරුණා. පාරිභෝගිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඔස්සේ තව දුරටත් මෙම අංගය දියුණු කර තිබෙනවා.

මේ පරිවර්තකය පරිශීලකයාගේ කථනය මිලියන ගණනක් වූ නාද/ශබ්ද සමඟ සංසන්දනය කරනවා. පසුව කටවහර තිබේ නම් නිවැරදි කොට එය ඔබ තෝරා ගත් භාෂාවට පරිවර්තනය කරනවා. මෙය machine learning මොඩලයක් හරහා සකසා ඇති අතර පාරිභෝගිකයන් භාවිතා කරන විට තව තවත් සේවාව දියුණු වන බවයි සමාගම පවසන්නේ. අද පටන් මේ Skype Translator අංගය Windows 7, 8, 8.1 හෝ Windows 10 පරිගණක සහ ටැබ්ලට් භාවිතා කරන සියලුම පාරිභෝගිකයන්ට ලබා ගන්නට පුළුවන්. නමුත් ජංගම දුරකථන සහ Mac සඳහා මෙම සේවාව පැමිණෙන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.

Skype for Windows මෙතැනින් ලබා ගන්න.

Comments

comments