Toshiba වෙතින් එන Windows 10 Tablet එක, dynapad

Toshiba වෙතින් එන Windows 10 Tablet එක, dynapad

2500
1
SHARE

Toshiba විසින් හඳුන්වා දෙන නවතම tablet එක ගැනයි මේ විස්තරය. dynapad ලෙස හඳුන්වන මේ අලුත් tablet එක එන්නෙ Windows 10 එක්ක. අඟල් 12ක තිරයක් සහිත මේ tablet එක දැනට ලොව ඇති සිහින් ම හා සැහැල්ලු ම tablet එක ද වෙනවා. මිලි මීටර් 6.9 තරම් සිහින් මෙම tablet එකෙහි බර රාත්තල් 1.28 ක් පමණ වෙනවා. Wacom stylus එකක් ද dynapad එකට අන්තර්ගතයි. තවද මේ tablet එක හඳුන්වා දෙන මිල $569.99 පමණ වෙනවා.
1.44GHz ක Intel Atom x5 Z8300 processor එක සමග එන මේ නවතම Toshiba dynapad එක,4GB RAM එකක්, 64GB ROM එකක්, microSD Slot එකක්, micro HDMI port එකක් හා micro-USB ports දෙකකින් යුක්ත වෙනවා.

 

Comments

comments