ඔබේ Twin කවුද කියලා දැනගමුද? – Twin or Not

ඔබේ Twin කවුද කියලා දැනගමුද? – Twin or Not

2262
1
SHARE

ඔබේ වයස අනුමාන කරන්නට උත්සහ ගත් Microsoft සමාගම, දැන් ඔබට twin කෙනෙකු සිටිනවාද නැද්ද යන්න සොයන්නට යනවා. ඒ නවතම Twins or Not වෙබ් අඩවිය හරහා. Build 2015 හීදි Microsoft සමාගම එළිදරවු කලා How-old.net වෙබ් අඩවිය සහ එහි Mobile Application එක. මෙය ඔවුන් සිදු කලේ ඔවුන්ගේ face-detection algorithms සහ Azure resources යොදා ගනිමින්. මෙම වෙබ් අඩවියට ඉතා කෙටි කාල සීමාවකදී මිලියන ගණනක ළගා වීම් ලැබුනා.

දැන් ඔවුන් ඒ තාක්ෂණයම යොදා ගනිමින් පුද්ගලයින් දෙදෙනෙකු twins ද නැද්ද යන්න පරීක්ෂා කරනවා. users ලට පුළුවන් ඡායාරූප දෙකක් upload කරන්න. පසුව මේ program එක මුහුණු දෙක හදුනා ගෙන ඒවා සමානද යන්න සංසන්දනය කර බලනවා. දැනට මේ program එක පෙර වයස හදුනා ගැනීමේ program එකට වඩා නිවැරදි බවයි පෙනෙන්නේ. ඔබට මෙය අත්හදා බලන්නට පුළුවන්. මේ Link හරහා (twinornot.net). මේ වෙබ් අඩවියේ developer, Mat Velloso හට මෙය අවසන් කිරීමට ගතව ඇත්තේ පැය 4 කට ආසන්න කාලයක් වීමද වැදගත්. මෙම තාක්ෂණයන් අනාගතයේදී ප්‍රයෝජනවත් කාර්යයන් සදහා යෙදවේවි.

Comments

comments