ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව තම සියලුම පද්ධතීන්, Windows 10 සමගින් upgrade කිරීමට යයි

ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව තම සියලුම පද්ධතීන්, Windows 10 සමගින් upgrade කිරීමට යයි

2473
1
SHARE
Department of Defense

මෑතකදී windows 10 සහිත devices ගණන මිලියන 200 සීමාවද ඉක්මගොස් තිබෙන අවස්ථාවක, Microsoft සමාගමට තවත් සතුටුදායක පුවතක් ලැබිලා තියෙනවා. ඒ පසුගිය දවසක Microsoft සමාගම විසින්ම ප්‍රකාශ කරපු විදියට, ඉතාමත්ම විශාල ව්‍යුහයක් වන අමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව ( US Department of Defense ) ඔවුන්ගේ organization එක තුල windows 10 deploy කිරීමට යන බවයි. ඒ අනුව මෙතෙක් windows 10 පාවිච්චි කරන පාරිබෝගිකයන්ගෙන් 76% ක්ම enterprise සහ education සදහා වූ අතර, මෙයත් සමගින් ඒ ගණන් තවත් වැඩි වනු ඇති.

ඇමෙරිකානු ආරක්ෂක ලේකම් කාර්යාලයෙන් ලැබී ඇති පණිවිඩයකට අනුව ඔවුන් මුළු organization එක පුරාවටම දැනට ඇති laptop computers, desktop computers වල සිට සියලුම mobile devices දක්වා සියලුම devices windows 10 සදහා upgrade කිරීමට සැරසෙයි. දැනට ලැබී ඇති ආරංචි වලට අනුව, මුළු devices මිලියන 4 කට ආසන්න ප්‍රමාණයක් windows 10 සදහා upgrade වන අතර මෙම deployment එක අවුරුද්දක කාලයක් ඇතුලත සිදු කර නිමා කිරීමටයි ඔවුන් සැලසුම් සකස් කරලා තියෙන්නේ.

ජාතික ආරක්ෂක පද්ධතිය තුල පාවිච්චි කිරීමට සුදුසු commercial IT products , සරලව කිව්වොත් මේ වගේ මෙහෙයුම් පද්ධති, විවිධ මෘදුකාංග, දෘඩාංග කොටස් පරික්ෂා කිරීමට නිල අවසරය ඇති ‘The National Information Assurance Program’ මගින් windows 10 මෙහෙයුම් පද්ධතිය, රජයේ විශේෂ නිර්ණායක වලට අනුව ඇති බව සහතික කරලා තියෙනවා.

the-pentagon-united-states-department-of-defense-1200x0

windows 10 සමගින් එන විවිධ security features, ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව සමගින් දැනට ඇති ආරක්ෂක ක්‍රම සමගින් එකතු කිරීමට සැලසුම් කරන බවත් ආරංචි වනවා. උදාහරණයක් විදියට windows hello,  facial recognition, fingerprints වැනි bio metric mechanisms හරහා පුද්ගලයන් තනි තනි වශයෙන් හදුනාගෙන ඔවුන්ගේ ආරක්ෂක පද්ධති වල ආරක්ෂාව තර කරනු ඇති.

ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව අනිවාර්ය වශයෙන් hackers සහ cyber criminals සදහා ඉතාමත් වැදගත් ඉලක්කයක් වන බැවින් මෙම තීරණය ගත් බවයි ඔවුන් පවසන්නේ

“With the DOD spending approximately $44 billion annually on cyber-security and IT, (US DOD CIO Terry) Halvorsen said the DOD needed to deploy innovation faster to ensure systems are more secure, more efficient and cost-effective, and standardized on one platform.

Because the U.S. Department of Defense is a prime target of cyber criminals and one of the largest and most complex organizations in the world, its leaders know the importance of securing its baseline systems.”

source : www.winbeta.org

Comments

comments