SHARE

ඔබේ පරිගණකයට Login වීමට Windows 10 හි ආකාර කීපයක් ඇති බව ඔබදන්නවා ඇති. එකක් සාමාන්‍ය password එකක් භාවිතයෙන්, PIN එකක් භාවිතයෙන් , Windows Hello පහසුකම භාවිතයෙන් හෝ Picture Password එකක් භාවිතයෙන්.

ඉතින් මේ සූදානම අද සිට ගෙන එනුලබන Windows 10 Tips විශේෂාංගයේ පලමු  Tip #1 එක ලෙස Picture Password යොදා ගන්නා ආකාරය පිළිබඳව ඔබ දැනුවත්  කිරීමටයි.

මේ Picture Password feature එක Windows 8 සමඟද එන feature එකක් වූවත් බොහෝ දෙනා මේ පිළිබඳ එතරම් දැනුවත් නෑ. Picture Password එකක් යෙදිමෙන් ඉතා පහසුවෙන් ඔබට PC එකට login වීමට හැකියාව ලැබෙනවා. අනෙක් අතට මේ Picture Password හරිම පහසුවෙන් මතක තබාගන්නත් පුළුවන්. ඒ picture password සඳහා drawing patterns භාවිතා කරන නිසා.

STEP #1

මුලින්ම Action Center වෙත ගොස් Settings යන්න click කරන්න.

1

STEP #2

දැන් ලැබෙන settings වලින් accounts option එක වෙත යන්න.

2

STEP #3

දැන් වම්පස තීරුවේ ඇති Sign-in options වෙත යන්න.එහි පහතින්ම ඇති Picture Password හි ඇති Add යන්න තෝරන්න.add-picture password

STEP #4

ඔබ දැනට සාමාන්‍ය Account Password එකක් යොදා ඇත්නම් එය ලබාදී Confirm කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටියි. දැන් password එක ලබාදී confim කරන්න.දැන් ඔබට ලැබෙන screen එකෙන් choose picture යන්න click කර ඔබට අවශ්‍ය ඔබගේ picture එකක් ලබාදෙන්න.

STEP #5

ඔබ විසින් select කරනුලැබූ picture එක දැන් ඔබට පෙන්වනු ඇති අතර එම picture එක ඔබ picture password එක සඳහා යොදා ගැනීමට කැමතිනම්  Use this picture යන්නත් , ඔබට වෙනත් picture එකක් යෙදීමට අවශ්‍යනම් Choose new picture යන්නත් click කරන්න.
4

STEP #6

දැන් ඔබට ලැබෙනුයේ Picture passowrd pattern එක ලබාදීමට අවස්තාවයි. මෙහිදී Gestures 3ක් ලබාදිය හැකි අතර එම gestures 3 න ආකාර 3ක් යටතේද ලබාදිය හැකිය.

5Gestures ආකාර 3නම භාවිතා කරන අයුරු පහත දැක්වේ.

picture-password-gresturesSTEP #7

දැන් එහිදී ලැබෙන විධාන අනුව ක්‍රියාත්මකවෙමින් ඔබ විසින් ලබාදුන් gesture pattern එක confirm කරන්න. ඔබගේ picture password එක දැන් save වනු ඇති.

Picture Password එක apply වී ඇත්දැයි තහවුරු කිරීම සඳහා  යතුරු පුවරුවේ Windows Key+L යන්න press කර ඔබගේ පරිගණකය Lock කරන්න. දැන් නැවතත් Login වීමට යනවිට පෙර පරිදිනොව ඔබ විසින් තොරනු ලැබූ picture එක පෙන්වනු ඇති.

Comments

comments