Visual Studio 2017 සංස්කරණය සමග අළුතෙන් එක් වූ Features

Visual Studio 2017 සංස්කරණය සමග අළුතෙන් එක් වූ Features

2210
1
SHARE

Visual Studio 2017 සංස්කරණය නිකුත් වී තවම වැඩි දවසක් ගත වී නැහැ. එහි උනුසුම මැකී යන්නට මත්තෙන් 2017 සංස්කරණය සමග Visual Studio වලට එක් වූ නවතම ගුණාංග ගැන විස්තර ටිකක් ඔබ වෙත ගෙන එන්න අපි තීරණය කලා.

Microsoft නිල වෙබ් අඩවිය දක්වන ආකාරයට Visual Studio සමග එන Android,iOS,Windows, Linux ,web platforms වලට සහාය දක්වන Apps develop කිරීමේදී ලබා දෙන පහසුකම් නවතම සංස්කරණය සමග වැඩි දියුණු කර ඇති අතර, Version controlling, agile development, collaboration development වැනි පහසුකම්ද වැඩි දියුණු කර ඇත.

Performance and productivity වැඩි දියුණු කිරීම්

Visual Studio නවතම සංස්කරණය සමග එය load වීමට ගත වන කාලය සහ Memory භාවිතා කීරීම සැලකිය යුතු ලෙස අඩු කිරීමකට ලක් කර තිබෙනවා. ඉතින් මෙම වැඩි දියුණු කිරීම එක ලෙස කාටත් ප්‍රයෝජනවත් වන අංගයක්. Visual Studio යනු විශේෂාංග ගණනාවකින් සමන්විත IDE එකක්. ඉතින් ස්භාවිකවම මෙහි Memory usage එක යම් පමණකට ඉහල යෑම ඇතැම් අවස්තාවල බොහෝ දෙනෙක් අත්දකින අත්දැකීමක්. නමුත් මෙම නවතම සංස්කරණය සමග මේ සදහා පිලියමක් පිලිබදව බලාපොරොත්තු තබා ගත හැකියි. Visual Studio නව සංස්කරණය සමග කැපී පෙනෙන අනෙකුත් ගුණාංගය නම් නවමු install කිරීමේ අත්දැකීමයි. එය වඩා වේගවත් සහ, අවශ්‍ය කරන features පහසුවෙන් වෙන් කර තෝරා ගත හැකි පරිදි සකසා තිබෙනවා.

තවත් වැදගත් කාරණයක් වන්නේ Solution loading time එක සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකි ආකාරයේ අංගයක් එකතු කර තිබීමයි. මෙහිදී වැදගත් වන කාරණය නම් projects කිහිපයක් ඇති solution ඒකක් load වීමට වැඩි කාලයක් ගන්නා නමුත් ඔබ solution එකක ඇති සෑම project එකක්ම එක වර භාවිතා නොකරන බවයි. මෙම solution loading time එක අඩු කර ගැනීම සදහා ඔබට පුළුවන්, Tools -> Options -> Projects and Solutions වෙත ගොස් Lightweight Solution load යන්න සක්‍රිය කරන්න.


performance වැඩි කිරීම සදහා ගෙන ඇති තවත් පියවරක් නම්, extensions, IDE එක ආරම්භ කිරීමේදී load වනවාට වඩා අවශ්‍යය කරන වේලාවලදී load කිරීමට කටයුතු කිරීමයි.

Productivity වැඩි දියුණු කිරීම්

Visual Studio සමග පැමිණි නවතම ගුණාංග සමග Team Explore, Azure Tools, Windows Store Publishing සහ තවත් බොහෝ සේවාවන් එකම user account එකක් සමග භාවිතා කල හැකියි. තවදුරටත් දක්වනවා නම් මෙම අළුත් සංස්කරණය සමග ඔබට සෑම පැය 12 කට වරක්ම නැවත sign in වීමට අවශ්‍යය වන්නේ නැහැ.

Roaming Extensions Manager
නව Roaming Extensions Manager උපාංගය සමග ඔබට හැකියි ඔබගේ ප්‍රියතම කරන Extensions පිලිබද තොරතුරු cloud එකක් සමග synchronize කර Developing අත්දැකීම වඩා පහසු කර ගැනීමට.

Extensions list එක බලා ගැනීම සදහා Tools > Extensions & Updates හරහා ගොස් Roaming Extension Manager යන්න තෝරා ගන්න. මෙය හරහා ඔබ install කර ඇති සියළුම Extensions බලා ගැනීමට හැකි අතර ඔබට තෝරා ගත හැකියි ඔබට අවශ්‍යය කරන Extensions.


Live Unit testing පහසුකම

Visual Studio 2017 සංස්කරණය සමග එන Live Unit testing පහසුකම හරහා ඔබට පුළුවන් ඔබ code කරන අතරතුරදීම unit testing කිරීමට. මෙම පහසුකම C#, Visual Basic සහ .net සමග වැඩ කරන අතර MSTest,xUnit සහ NUnit යන framework වර්ග තුනටම සහය දක්වයි.

Visual Studio IDE වැඩි දියුණු කිරීම්

Git සදහා හොදින් සහය දැක්වීම අළුත් සංස්කරණය සමග අපිට දකින්න පුළුවන්. ඔබ project එකක වැඩ කිරීමේදී ඔබට පුළුවන් එය පහසුවෙන් git repositories වලට push සහ commit කිරීමට. මේ සදහා IDE window එකේ පහලින් ඇති buttons උපයෝගී කර ගන්න පුළුවන්.

Structure Visualizer

මේ හරහා ඔබට පුළුවන් scroll කිරීමකින් තොරව ඔබ වැඩ කරමින් සිටින code block එක කුමක්ද කියා පහසුවෙන්ම බලා ගැනීමට
මෙම දැක්වූ කරුණු වලට අමතරව තවත් බොහෝ දේ Visual Studio 2017 සංස්කරණය සමග ඒක් වී තිබෙනවා. උදාහරණයක් විදියට දක්වනවා නම් Visual C++ සදහා C++ libraries යාවත්කාලීන කර තිබීම දක්වන්න පුළුවන්. මෙවැනි විස්තර සමගින් අළුතින් එක් වූ අංග පිලිබද සම්පූර්ණ විස්තරයක් පහත දී ඇති ලින්ක් එක හරහා ඔබට බලා ගැනීමට පුළුවන්.

https://www.visualstudio.com/en-us/news/releasenotes/vs2017-relnotes

ඔබට මොනවා හෝ ගැටළුවක් හෝ වැඩිපුර යමක් එක් කිරීමට කැමති නම් ඔබට පුළුවන් පහලින් ඇති comment තීරුව ඒ සදහා භාවිතා කිරීමට. නැවතත් මෙවන් ලිපියකින් හමුවෙමු …

Happy Coding !!!!

Source: https://docs.microsoft.com/en-us/visualstudio/ide/whats-new-in-visual-studio

Comments

comments

1 COMMENT

Leave a Reply to Visual Studio 2017 සංස්කරණය සමග අළුතෙන් එක් වූ Features - Kolomthota Cancel reply