මොකක්ද මේ Dynamic Lock කියන්නෙ???

මොකක්ද මේ Dynamic Lock කියන්නෙ???

2439
1
SHARE

Windows Central විසින් Build 15002 හරහා මෙතෙක් සදහන් නොකළ අලුත්ම feature එකක්, මෑතකදී නිරාවරණය කරනු ලැබූවා. Dynamic Lock කියලා හදුන්වන මේ feature එක Windows Hello වලට අනුපූරක feature එකක් විදියට සලකන්න පුළුවන්. Dynamic Lock එකේ කාර්යභාරය වෙන්නේ ඔයා PC එක ඉස්සරහ ඉන්න කොට ස්වයංක්‍රීයව ඔයාගේ PC එක unlock කීරීම සහ ඔයා PC එකෙන් ඉවතට ගිය වෙලාවක ඒ බව හදුනාගෙන PC එක lock කරන එක.
හැබැයි මේ feature එක මේ වෙනකොට වැඩ කරනවද කියලා තවමත් පැහැදිලි නැහැ. මොකද තවමත් Microsoft සමාගම මේ පිළිබද ප්‍රසිද්ධියේ සාකච්ඡා කරලා නැහැ. මේ නිසාම Dynamic Lock එක ඇත්තටම කරන්නේ මොකක්ද කියන එක තවමත් රහසක්. හැබැයි Windows Central කියන විදියට නම් මේ feature එකට Microsoft භාවිතා කරන අභ්‍යන්තර නාමය Windows Goodbye. නමෙන්ම පැහැදිලි වෙන්නේ Windows Goodbye, Windows Hello එක්ක සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියලා.


PC එක on කරලා නිශ්චිත කාලයක් අක්‍රීයව තිබුනම ස්වයංක්‍රීයව lock වෙනවා කියන එක අපි දැනටමත් දන්න දෙයක්. හැබැයි මේ කියන Dynamic Lock එකෙන් අදහස් වෙන්නේ ඒ දේ නම් නෙවෙයි. මේකෙදි ඔයා PC එක ඉස්සරහ ඉන්නවද කියලා සක්‍රීයව scan වෙනවා. ගොඩක් දුරට මේ සදහා proximity sensors හෝ face detection වගේ Windows Hello features භාවිතා වේවි.

Dynamic Lock කියලා කියන්නෙ කාලයක් තිස්සේ Microsoft සමාගම සතුව තිබුණු අදහසක් කියලා කියන්න පුළුවන්. මේ concept එක ගැන මුල්ම ඉගිය ලැබෙන්නේ 2010 අවුරුද්දේ Microsoft හි Windows 8 development plans අඩංගු ලිපිගොනු වගයක් කරලියට ආවට පස්සේ. මේ ලිපි ගොනු වල Windows Hello ලෙස භාවිතා වෙන facial recognition login feature වගේම proximity sensors භාවිතයෙන් user කෙනෙක් PC එක ඉස්සරහ ඉන්නවද කියලා detect කරගැනීම පිලිබදවත් සදහන් වුනා.

මේ විදියට proximity detection භාවිතා කරලා user කෙනෙක්ව log off කරන්න පුළුවන් නම් තවදුරටත් Windows key + L මතක තියාගන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද කියනවනම් PC එක විසින්ම එයාගේ ආරක්ෂාව Dynamic Lock හරහා සලසා ගන්න නිසා.

Source – PCWorld

Comments

comments

1 COMMENT

Leave a Reply to මොකක්ද මේ Dynamic Lock කියන්නෙ??? - Kolomthota Cancel reply