Windows 10 IoT Core Starter Pack එක නිකුත්වේ

Windows 10 IoT Core Starter Pack එක නිකුත්වේ

3038
1
SHARE

පසුගිය අගෝස්තු වල Microsoft සමාඟම නිළ වශයෙන් Windows 10 IoT Core නිකුත් කලා.එහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කර තිබුනේ Raspberry Pi 2 හා Intel’s MinnowBoard Max boards එකට support කරන විදියට. ඒ වගේම ඔවුන්ගේ අලුත්ම නිවේදනය තමයි මෙම OS එකට නැත්නම් “Internet of Things” එකට සම්බඳ වීමෙන් ඕනම අයකුට ඉතා ඉක්මනින් අලුත් projects open කිරීම ගණු දෙනු කිරීම වගේ දේවල් පහසුවෙන් කළ හැකි බව පෙන්වා දීම..

Microsoft සමාඟම පවසන අන්දමට, එයාලගේ වචනයෙන්ම, “අපි ආඩම්බර වෙනවා Adafruit සමඟ එක්ව අලුත් Starter Kit එකක් වෙළඳ පොළට නිකුත් කිරීමට හැකිවීම ගැන. එය ඔබගේ කටයුතු ගොඩක් පහසු කරාවි. එය වඩාත් ඉක්මනින Windows 10 IoT Core එක හෝ Raspberry Pi 2 මඟින් හෝ ඉලෙක්ට්‍රොනිකව ඔබගේ අවශ්‍යතාවය ඉටුකර දෙනවා.දැනට එය වෙළදපොළෙන් ලබාගත හැකි අතර, එහි compatible set of sensors, electronic parts, wires, and cables සියලූ උපාංග අන්තර්ගත වෙනවා. තවද එහි කලින් preloaded කරන ලද SD card එකත් අඩංගු වෙනවා.මේ සඳහන් කළ සියලූ කරුණු වල සරල තේරුම වන්නේ ‘ අවශ්‍ය ආකාරයට වැඩේ පටන්ගන්න ඔබ සූදානම් කියන එක.

මේ සියල්ලම ඔබේ අතට ලැබෙන්නේ අවශ්‍ය සියලූම විස්තර සහිතව වන අතරම project (sample code) එකකුත් එක්ක.ඉතින් ඔයාටම මේ වැඩටික කරගන්න පුළුවන්.

ඒවගේම Microsoft සමාඟම අලුත් improvements කිහිපයක් ගැනත් සඳහන් කරල තියෙනවා. ඒවනම් ඉතින් පසුකාලීනව එකතු වෙන නවෝපාංග. එහිදී Windows 10 IoT Core එක Windows Insiders base කරගෙන කරන්න කියල තමයි හිතාගෙන ඉන්නේ.

ඔවුන් පවසන පරිදි Windows Insiders ලගේ අදහස් මෙම අලුත් එළි දැක්වීමට ලොකු උදව්වක් වේවි.ඒවගේම ඔවුන් සැදී පැහැදී ඉන්නවා මෙය භාවිතා කරන්නන්ගේ ඉල්ලීම් පිළිබඳවත් දැඩි ලෙස සළකා බලන්නට.උදාහරණයක් විදියට කිව්වොත් නිකන් analog-to-digital converter එකක් එකතු කරනවා වගේ වැඩක්. (pulse-width modulation (PWM) and analog-to-digital converters (ADC) via an integrated and extensible provider API/ addressing issues around the USB HID class driver, and many bug fixes)

එවගේම ඔවුන් තවදුරටත් කියන්නේ web-based device management interface පිළිබඳව පාරිභෝගිකයා තුල ඇති ජනප්‍රියතාවය ඔවුන් හඳුනා ගෙන ඇති බවත් ; එම නිසා ඒ සම්බඳව වැඩි දියුණු කිරීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති අතර device name password වෙනස් කිරීම් වගේ function පිළිබඳව වැඩි සැළකිල්ලක් දක්වන බවත්ය,

New Windows 10 Iot Core දැන් ඔබට Windows Dev Center එකෙන් download කරගන්න පුළුවන් (build number 10531).

Comments

comments