Windows 95 දැන් web browser එකෙන්

Windows 95 දැන් web browser එකෙන්

3206
1
SHARE

දවසින් දවස දියුණු වන පරිගණක තාක්ෂණයේ තවත් එක සුවිශේෂී සලකුණක් තබමින් windows 95, web browser එකක run කිරීමට, වයස අවුරුදු 19 ක් වන Scott ජාතික තරුණයකු සමත් වුනා. ඔහුගේ නම Andrea Faulds. මෙහි තියෙන විශේෂම කාරණය තමයි, web browser එකට හැරුණුකොට වෙනත් කිසිම software එකක්, plugin එකකින් තොරව run කිරීමට ඇති හැකියාව. ඇත්තටම මෙහිදී වෙන්නේ real time c++ codes Javascript වලට convert කිරීමක්. මේ විදියට කරගන්න ඔහු ’emscriptem’ emulator එක පාවිච්චි කරගෙන තියෙනවා.windows 95 in browser

web browser එකෙන් windows 95 වල වැඩ කරන්න කලින්, මේ emulator එක load වෙලා ඉන්න ඕන. මේ සදහා සාමාන්‍යයෙන් විනාඩියක විතර කාලයක් යනවා. මෙම කාලය internet connection speed එක මත ඊට වඩා වැඩි වීමටත් පුළුවන්. කොහොම වුනත් එක වරක් load වුනාට පස්සේ සාමාන්‍ය ආකාරයටම windows 95 run වෙනවා. ඒ කාලේ තිබුන ‘Solitaire’ සහ ‘Minesweeper’ වගේ games වුනත් මේකෙන් ප්ලය් කරන්න පුළුවන්.

මේ link එකෙන් ගිහින් ඔයාලටත් try කරලා බලන්න පුළුවන්.

Windows 95 OS එක release කෙරුනෙ 1995 අගෝස්තු 24 වෙනිදා. windows 3.1 වලට වඩා බොහොමයක් වෙනස්කම් මේ windows 95 මගින් හඳුන්වල දුන්නා. GUI වෙනස්කම්, plug & play feature එක, උදාහරණ කිහිපයක්. Windows 95 at_first_run

Comments

comments