SHARE

Windows මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන්ට තව දුරටත් එහි ආරක්ෂාව සදහා මුර පදයක් යොදා ගන්නට අවශ්‍ය වන්නේ නැහැ.ඒ Windows 10 මෙහෙයුම් පද්ධතිය සමග එන Windows Hello විශේෂාංගය නිසයි. මෙමගින් ඔබේ මුහුණ හෝ ඇගිලි සලකුණ මෙහෙයුම් පද්ධතිය සහ වෙබ් අඩවි සදහා අවසර පත වේවි.
Microsoft සමාගම පසුගියදා ප්‍රකාශ කලේ Windows Hello, Windows 10 සමග දියත් කරන බවයි.මෙහිදී භාවිත කරන තාක්ෂණය වන්නේ Xbox සදහා වැඩි දියුණු කල Microsoft Kinect depth camera උපාංගයයි. Microsoft සමාගමේ අරමුණ වන්නේ පරිශීලකයන් විසින් සකසන බිලියන ගණනක් වූ මුරපද නැවත්වීමයි. Hello ආරක්ෂක මොඩලය තුල පරිගණකය ඔබව කැමරා හෝ ඇගිලි සලකුණු කියවීමේ උපාංගයක් මගින් හදුනා ගනු ඇත. තවද යම් කිසි වෙබ් අඩවියක් Hello තාක්ෂණය සදහා උපයෝගීතාවය දක්වන්නේ නම්, එම වෙබ් අඩවියද ඔබව හදුනා ගනු ඇත. ඒ සදහා ඒ අනුබද්ධ තවත් තාක්ෂණයක් වන Microsoft Passport යොදා ගනියි.

Kinect සදහා වූ මෘදුකාංග අංශයේ නියමු Scott Evans ප්‍රකාශ කලේ ඔවුන්ගේ අරමුණ වන්නේ පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග ගනුදෙනු කරනවා මෙන් Windows උපාංග සමගද ගනුදෙනු කරනවා දැකීම යන්නයි. Hello පදනම් වෙලා තියෙන්නේ ජංගම දුරකතනයක් අදාල ජාලය මගින් හදුනා ගැනීමට යොදා ගන්නා asymmetric key cryptography නමින් හැදින්වෙන තාක්ෂණයයි. එම නිසා හදුනාගැනීමක් වැරදීමට ඇති සම්භාවිතාවය උත්සහ 100,000 කට 1 ක් පමණි.

Hello ක්‍රියාත්මක වීමටනම් විශේෂ උපාංග තිබිය යුතුය.එනම් fingerprint reader, illuminated IR sensor හෝ වෙනත් biometric sensors.එමගින් හැගෙන්නේ ඔබේ Laptop පරිගණකයෙහි built-in Kinect-like sensor එකක් පැවතිය යුතු බවයි.තවද Microsoft සමාගම වැඩි දුරටත් පවසන්නේ Intel F200 RealSense 3D කැමරාව සහිත ඕනෑම පරිගණකයක Hello හොදින් ක්‍රියාත්මක වනු බවයි.තවද Hello කිසිදු සාමාන්‍යය වෙබ් කැමරා මගින් ක්‍රියාත්මක නොවෙනු ඇත.

කෙසේවෙතත් Hello දැනට පවතින ඇගිලි සලකුණු කියවීමේ උපාංග සමග ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී එන නව පරම්පරාවේ පරිගණක පෙර සවි IR sensor සමග වෙළද පොලට පැමිණෙනු ඇති බවත් Microsoft හි උප සභාපති Joe Belfiore තම බ්ලොග් පිටුවෙහි සදහන් කර ඇත. ඉන්ටෙල් සමාගම මේ වන විටත් RealSense කැමරා උපාංග Dell ටැබ්ලට් පරිගණක සදහා අඩංගු කර ඇත.තවද මෙමගින් පරිශීලකයාගේ කිසිදු biometric තොරතුරක් අන්සතු නොවන බව හා Laptop පරිගණකයට කිසිදු තොරතුරක් ගබඩා කිරීමට නොහැකි බව Microsoft හි විධායක නිලධාරීවරයෙකු පවසා තිබේ.

Comments

comments

2 COMMENTS

Leave a Reply to Windows Update for Business - Windows Geek Cancel reply