Windows Store වෙත බිලියන තුනක ප්‍රතිචාර

Windows Store වෙත බිලියන තුනක ප්‍රතිචාර

2384
1
SHARE

Microsoft සමාගම Windows Store සහ වෙනස් Windows version ඔස්සේ එහි යොදාගැනීම පිළිබඳ විවිධ සංඛයාලේඛණ තම Building Apps නිල blog එකෙහි දක්වා ඇත.

Windows 10 නිකුත් වීමත් සමග Windows Store වෙත පැමිණීම් බිලියන තුන ඉක්මවීමේ දැවැන්ත හෙලිදරව් කිරීම හැරුණු කොට, අපට දැනගන්නට ලැබෙන්නේ Windows Store downloads වල තවමත් විශාල ප්‍රතිශතයක් Windows 8 හිමි කරගෙන ඇති බවයි. කෙසේ නමුත්, blog සඳහනට අනුව, Windows 10 භාවිත කරන්නන් Windows 8 භාවිත කරන්නන්ට වඩා එක් උපාංගයක් සඳහා 4.5ක ගුණයක ආදායමක් උත්පාදනය කරයි. එහි තවදුරටත් සඳහන් වන්නේ, පසුගිය නිවාඩු සමය තුල, ඉන් පෙර නිවාඩු සමය හා සසඳන විට, Windows Storeහි මිලට ගැනීම් සංඛ්‍යාව දෙගුණ වී ඇති බව Microsoft සමාගමට පෙනීගිය බවයි. එනම් එය සැලකියයුතු 100%ක වර්ධනයක් හිමි කරගෙන ඇත.

එම සඳහනේ downloads බෙදී ගිය ආකාරයද දක්වා ඇති අතර Windows Storeහි 30%කට අධික ප්‍රමාණයක් හිමි කරගෙන ඇත්තේ Games වර්ගයේ downloadsය. ඉන්පසු 15%ක් Utilities & Tools වර්ගයේ downloads ද, ඉතිරිය Photo & Video සහ වෙනත් වර්ගයේ downloads වලින් සම්පූර්ණ වී ඇත. පහත දැක්වෙන්නේ එහි සටහනයි.

3_totalopportunity_story

 

මෙම තරමක් දිගු සඳහනේ ඉතිරි කොටස ආවරණය කොට ඇත්තේ, විවිධ වෙනත් බෙදීයාම් සහ කුමන වර්ගීකරණ ඉක්මනින් වර්ධනය වනවාද යන්න පිළිබඳ developersලා හට වැදගත් වන අනාවැකි වලිනි. එහි තවදුරටත් කුමන අන්තර්ජාතික වෙළඳපොලවල් වැඩි වශයෙන් මිලට ගැනීම්, in-app මිලදී ගැනීම් සහ Storeහි මිලදී ගැනීම් සිදුකර ඇත්ද යන්න දැක්වේ. ඒ අනුව එක්සත් ජනපදය 30%කට අධික මිලදී ගැනීම් ප්‍රමාණයක් සිදුකොට ඇත. තවද එය Windows Store පරිභෝගිකයන්ගේ ඉංග්‍රීසි හෝ හින්දි වැනි පරිගනක භාෂා සහ වඩා සාර්ථක දැන්වීමේ ආකාර පිළිබඳවද ආවරණය කොට ඇත.

ඔබට වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා එම සටහන වෙත මෙතැනින් පිවිසිය හැකිය.

Comments

comments