Word Online සමඟින් වැඩ පහසු කර ගනිමු.

Word Online සමඟින් වැඩ පහසු කර ගනිමු.

4680
1
SHARE

අපි අද බලමු Microsoft සමාගම විසින් එළි දක්වලා තියෙන අලුත් feature එකක් ගැන. ඒ තමයි Microsoft Word Online. අපි හැමෝම MS Word භාවිතා කරලා තියෙනවා. PC එකෙන්, phone එකෙන් නැත්නම් tablet එකෙන් වුනත් අපිට Word document එකක් edit කරන්න පුළුවන්. ඒත් හිතන්න ඔයාගේ PC එක ගෙදර. ඔයාගෙ CV එකත් PC එකේ. phone එකට share කරගන්නත් අමතක වුණා. හදිසියේම ඔයාගෙ CV එක upload කරන්න ඕන වෙනවා. ඔයා මොකද කරන්නේ? ලොකු ගැටළුවක් නේද? එහෙනම් අපිට තියෙන solution එක තමයි මේ Word Online.

Word Online සඳහා log වීම ඉතාම පහසුයි. අපේ email address එකෙන් තමයි Word Online access කරන්නේ. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන Word documents වලත් templates තියෙනවා. Blog post, Adjacency letter, Apothecary resume වගේ templates වලට අමතරව තව templates download කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි Word Online හි General Notes, APA style paper, Simple resume ඇතුළු තවත් templates ගොඩාක් තියනවා. සාමාන්‍යයෙන් Word document එකක ඇතුළත් වෙන අනෙකුත් features, Word Online හි තියනවා. ඔයාට MS Word වලින් page එක edit කරන්න ඕන නම් ඒ facility එකත් මෙහි ඇතුළත් වෙනවා.

ඔයා group project එකක් කරනවා නම් documentation වලදි මේ facility එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම content එක auto save වෙන නිසා MS Word වල වගේ save කර කර ඉන්න ඕන නැහැ. මේ documents automatically One Drive එකේ තමයි save වෙන්නේ. ඒ නිසා documents loss වීම ගැන බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. කැමති වෙලාවක document එක access කරන්නත් ඔයාට මේ මගින් පුළුවන්.

ඔයාට මේ documents තව කෙනෙක් එක්ක share කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි එයාට document එක edit කරන්න පුළුවන්ද එහෙම නැත්නම් බලන්න විතරද පුළුවන් කියලා ඔයාට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම document එක share කරනවා නම් blog එකක් නැත්නම් web site එකකට embed කරන්නත් පුළුවන්. Document එක download කරන්න අවශ්‍ය නම් ඒක Word document එකක්, PDF file එකක් නැත්නම් ODT file එකක් විදියටත් download කරගන්න ඔයාට පුළුවන්.

ඔයාලාත් Word Online use කරලා බලන්නකෝ.

source : Microsoft

Comments

comments

1 COMMENT

Leave a Reply to Word Online සමඟින් වැඩ පහසු කර ගනිමු. - Kolomthota Cancel reply