ජූලී 29 දින නිකුත්වීමට නියමිත Windows 10 මෙහෙයුම් පද්ධතිය Free ලැබෙනවාද නැද්ද යන්න පිළිබඳ තවමත් ඔබට හිතේ චකිතයක් ඇත්ද? එසේනම් පහත දැක්වෙන ගැලීම් සටහන මගින් ඔබට මේ පිලිබඳ ඉතා හොද අවබෝධයක් ලබා ගත හැකිය.
ගැලීම් සටහනට අනුව, ඔබ සතුව Windows 7, Windows 8 හෝ Windows 8.1 කොපියක් ඇත්නම් ඔබට Windows 10 Free upgrade කිරීමට අවස්ථාව ඇත.
ඔබ දැනටමත් Windows 10 Preview එක Test කරනවාද ? Windows 10 Preview එක Install කලේ වලංගු Windows 7, Windows 8 හෝ Windows 8.1 කොපියක් හරහාද? එසේනම් ඔබට Windows 10 Free upgrade එක ලබාගත හැකිය.
ඔබ භාවිතා කරන්නේ Windows 7 වලට වඩා පැරණි එහෙමත් නැත්නම් Windows XP හෝ Windows Vista මෙහෙයුම් පද්ධතිද? එසේත් නැතිනම් ඔබ Windows 10 Preview එක Install කිරීමට භාවිතකලේ Windows 7 ,Windows 8, Windws 8.1 වල වලංගු License එකක් නොවේද? එසේනම් ඔබට Window 10 Upgrade කිරිමේදී Windows 10 Standard Edition එක සඳහා $119 ක මුදලක්ද, Pro edition එක සඳහා $199 ක මුදලක්ද වැය කළයුතුවේ.
කෙසේවෙතත් ඔබ භාවිත කරන Windows 7 හෝ Windows 8.1 කොපිය genuine එකක් නොවේනම් ඔබ Windows 10 සඳහා upgrade කළපසු desktop watermark එකක් මඟින් ඔබේ Windows 10 කොපිය වලංගුනොවන බවට දන්වා සිටින අතර ඔබට Microsoft සමාඟම මඟින් නිරන්තරයෙන් නිකුත් කරණු ලබන Windows innovation , security updates ලබාගැනීමටද නොහැකිවේ. මෙනිසාවෙන් ඔබගේ පරිගනකය නොයෙක් අතුරු අබාද සඳහා හෝ virus සඳහා ගොදුරුවීමේ අවදානමක් පවතී.
නමුත් තවමත් ඔබට Windows 10, Test කර බැලීමට අවශ්‍යනම් Preview එක නොමිලයේ ලබාගත හැකිය.
තවදුරටත් Microsoft සමාඟම Windows 10 Upgrade කිරීම සඳහා වන වර්තමාන සැලසුම වෙනස් කලහොත් අප ඔබවෙත දැනුම්දීමට බලාපොරොත්තුවෙන් සිටීමු.