ඔයාගේ PC එකටත් fingerprint lock එකක් දාගමුද?

ඔයාගේ PC එකටත් fingerprint lock එකක් දාගමුද?

4268
0
SHARE

ඔයාගේ PC එක එහෙම නැත්තම් office එකේ desktop එකට හොඳ ආරක්ෂාවක් නෑ කියලා හිතුනානම් මෙන්න තියෙනවා ඒකට නියම විසදුමක්‌. ඒ තමයි මම දැන් කියන්න යන Fingerprint Scanners set එක.

ඇත්තටම මේ scanners,  portable scanners වෙනවා. ඔයාලට කරන්න  තියෙන්නේ මේ scanner එක ඔයාගේ PC එකට insert කරන්න විතරයි. කිසිම app එකක් install කරන්න අවශ්‍ය නැහැ.

ඉතින් මේ scanners set එකෙන් ඔයාට ගැලපෙන scanner එක තෝරගන්න පුළුවන්, ඇත්තටම මේ scanners වල මිලත් ඕනම කෙනෙකුට දැරිය හැකි මට්ටමේ තියෙන නිසා මේ ක්‍රමය ඔයාගේ PC එකට හොඳ ආරක්ෂාවක් ලබාදේවි.

Eikon Mini scanner එක windows 10 PC සඳහා නිපදවපු scanner එකක්. windows 7 වලට නම් මේක වැඩ කරන්නේ නැහැ. $20 වැනි මුදලකට මේ scanner එක ඔයාට ලබාගන්න පුළුවන්. Fingerprint scanner එකක් කිවම අපිට මතක් වෙන්නෙ ගොඩක් smartphones වල වගේ finger resting මගින් unlock කරන විදිය. නමුත් මේ Eikon Mini scanner එකේ finger swipe කරන්නයි තියෙන්නේ.

 

ඊළගට කියන්න යන scanner එක ටිකක් මිල වැඩි උනත් මේක වඩාත් ගැලපෙනවා office එකකට වගේ, මොකද PC එක use කරන හැමවෙලේම fingerprint එක register කරන එක කරදරයි වගේ නම් Verifi P5100 තමයි විසඳුම.

 

BIO-Key EcoID Scanner එකත් ගොඩක් පහසු මිලකට ලබාගන්න පුළුවන් වගේම මෙහි තියෙන වාසිය තමයි finger swipe නොකර අපිට පුරුදු විදියටම smartphones වල වගේ finger rest මගින් unlock  කරගැනීමේ පහසුව.

 

Kensington VeriMark තවත් විශේෂ fingerprint scanner එකක්. $41 වැනි මුදලකට ලබාගන්න පුළුවන් වගේම ඔයාට යන ඕනම තැනකට ගෙනියන්නත් පුළුවන් විදියට key ring (standard) එකකට සම්බන්ද කරන්න පුළුවන් විදියට design කරලා තියෙනවා.

 

 

 

Source: https://www.windowscentral.com/best-fingerprint-scanners

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY