පසුගිය නොවැම්බර් මාසයේදී Microsoft සමාගම නිවේදනය කළා මෙතෙක් නොමිලේ ලබා දුන් ගිගාබයිට් 15 ක් වූ OneDrive අවකාශය ගිගාබයිට් 5ක් දක්වා අඩු කරන බව. දැනට ලබා දී ඇති අවකාශත් ජනවාරි 31 න් පසුව ගිගාබයිට් 5ක් දක්වා අඩු වන බවයි පැවසුනේ. දැන් Microsoft සමාගම දැනට ගිගාබයිට් 15ක අවකාශය නොමිලේ භාවිතා කරන තම පාරිභෝගිකයන්ට එම අවකාශය තව දුරටත් පවත්වා ගැනීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ සඳහා preview.onedrive.com/bonus වෙතට ගොස් ලියාපදිංචි වන්න.