Azure Fundamentals (Azure මූලිකාංග )- 1 කොටස

Azure Fundamentals (Azure මූලිකාංග )- 1 කොටස

4436
0
SHARE

සියලු දෙනාටම සුභ දවසක්!

අද අපේ මාතෘකාව වන්නේ Microsoft Azure Fundamentals වල ආරම්භය. Cloud Computing කියන්නෙ මොකක්ද කියලා කථා කළොත් මූලිකවම local server එකක් එහෙමත් නැත්නම් personal computer එකකට වඩා හොදින් data processing, data management, manage Internet  වගේ දේවල් කරගෙන remote servers හරහා තමන්ගේ ජාලය පවත්වාගෙන යන විදියේ සංකල්පයක් තමයි මේකෙන් අදහස් වෙන්නෙ.

On-Premises Vs Cloud Servers

අපි හිතුවොත් අපි මේ පාවිච්චි කරන network එක On-Premise වර්ගයේ network එකක් වුනොත් ඒ හා සම්බන්ධ වන servers සියල්ලම අප සතු ඒවා වෙනවා. ඒ වගේම වැඩ කරන කණ්ඩායම පවා අපේ සේවකයන් පිරිසක්. ඔවුන්ට වැටුප් ගෙවීම්, අමතර ගෙවීම් වගේ දේවල් පවා කරන්න සිදු වෙනවා. servers අප සතු වෙනවා කියන්නෙ ඒවා නඩත්තු කරන්න යන වියදම වගේම ඒවා පවත්වා ගන්න ඉඩකඩ පවා පවත්වා ගන්න සිද්ධ වෙන්න පුලුවන්. අවධානම සම්පූර්ණයෙන්ම ඔබ සතු වෙනවා. හැබැයි ඔබ වැඩකරන්න‌ෙ cloud provider කෙනෙක් එක්කනම් servers, වැඩකරන සේවකයන් වගේම ඉඩකඩ ගැන ගැටලු ඇති වෙන්නෙ නැහැ. මේකේදි ඔබට තීරණය කරන්නෙ අවශ්‍ය සේවාවන් මොනවාද, ඒ කවද්ද කියන දේ විතරයි.

සෑහෙන කාලයකට කලින් ගොඩක් තැන් වල පාවිච්චිය‌ට ගැනුනේ dedicated servers. ඒකට හේතුව වුනේ ඒ කාලේ තිබ්බ පරිගණක භාවිතය අඩුකම. එක physical machine එකක් ගොඩක් වෙලාව‌ට තනි ව්‍යාපාරයකට වෙන් කරලා තිබුනා. ඒකෙ ගොඩක් වෙලාවට වැඩකලේ තනි web app/site එකක් විතරයි. අධික වියදම, අධික නඩත්තුව වගේ දේවල් වගේම පවතින ඉහළ මට්ටමේ භෙෘතික ආරක්ෂාව වගේ දේවල් මේක‌ෙ විශේෂ ගුණාංග වුනා. ටික කාලයකට පස්සෙ virtual private servers පාවිච්චියට එනවා. තනි ව්‍යාපාරයකට පාවිච්චි වුනේ තනි පරිගණකයක් විතරයි. හැබැයි මේ තනි පරිගණකය අතත්‍ය විදියට, නැත්නම් virtualized කරලා sub machines වලට වෙන් කරලා පාවිච්චි වුනේ. ඒකෙ වෙනස වුනේ sub machines වල‌ට වෙන් කරලා නිසා multiple web apps/sites run කරලා බලන්න හැකියාවක් හමුවුන එක.

මේකෙන් පස්සෙ shared hosting පාවිච්චියට එන්නෙ. මේකේ සහ virtual private server අතර යම් ප්‍රමාණයක වෙනසක් පවතිනවා. එක physical machine එකක් ව්‍යාපාර සිය ගණනක් අතර බෙදාගෙන වැඩ කෙරෙනවා මෙතන. වැඩි ප්‍රමාණයක් අවශ්‍ය කෙනෙක් වැඩි මුදලක් ගෙවනවා. ඒ වගේම සේවාව බොහොම සීමා සහිතයි.

Cloud hosting ගැන කථා කළොත් multiple physical machines එක්ක තනි පද්ධතියක් නිර්මාණය වීමක් වෙන්නෙ. High Configurability වීම,cost effective වීම, scalable වීම, flexible වගේ ඉහළ මට්ටමේ ගුණාංග මෙහි දැක්වෙනවා.

කලින් පාර ලිපි මාලාව මෙන්න මේ link එකෙන් බලන්න ගන්න පුලුවන්. මේ විදිහෙ ලිපි මාලාවක් අරගෙන එන්න අදහසක් තියෙනවා. වැඩත් එක්ක TRY එකක් දෙනවා කරගන්න. ජය!

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY