Windows Store එකෙන් Google Chrome Installer ඉවත් කිරීමට හේතු දන්නවද?

Windows Store එකෙන් Google Chrome Installer ඉවත් කිරීමට හේතු දන්නවද?

2302
0
SHARE

Google Chrome කියන්නේ අපි හැමෝම දන්න ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන web browser එක. මීට සති කිහිපයකට කලින් අපි කව්රුත් හිතන්නේ නැති විදිහෙ app එකක් Google විසින් Windows Store එකට නිකුත් කරලා තියනවා. මේ app එක තමයි Google Chrome Installer.
මේ app එක install කරාම වෙන්නේ PC එකේ තියන default browser එකෙන් Chrome download page එක open වෙන එක විතරයි. ඒත් මේකට app එකක් ඕනෙද? අපි සාමාන්‍යයෙන් Chrome install කරන්න අවශ්‍ය නම් සිදු කරන්නේ browser එකකින් Chrome download page එක search කරල Chrome download කරන එකම තමයි නේද? ඒ නිසා බොහෝදෙනෙක් මේක Google විසින් කෙරුව කිසිම තේරුමක් නැති දෙයක් විදිහට තමයි දකින්නේ.ඒවගේම සමහරු කියනවා Windows Store එකේ තියන ව්‍යාජ Chrome Apps හේතුවෙන් Google විසින් Google Chrome Installer App එක නිකුත් කරා කියලා. කෙසේ වෙතත් මේ වෙනකොට Microsoft සමාගම මේ app එක Windows Store එකෙන් ඉවත් කරන්න කටයුතු කරලා තියනවා. ඒවගේම Google Chrome Installer ඉවත් කිරීමට Microsoft Windows 10 restrictions හේතුවෙලා තියනවා. Microsoft Windows 10 restrictions වලට අනුව Windows Store එකට ඇතුලත් කරන apps වලින් web browser කරන apps අනිවාර්යෙන් HTML හෝ JavaScript Engine භාවිතා කල යුතුයි. නමුත් Chrome භාවිතා කරන්නේ Blink නමින් හැදින්වෙන web engine එක.කෙසේ වෙතත් Google සමාගම තවමත් Google Chrome Installer App එක Windows Store එකෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වල නැති බව තමයි වාර්තා වෙන්නේ.
Windows Store එකේ fake Chrome Apps පැවතීම Google සමාගමට දීර්ඝ කාලයක ඉදලා පැවතුන ගැටලුවක්. ඒවගේම Microsoft Windows 10 restrictions වලට අනුව මේ වෙනකොට Original Chrome App එකක් Windows Store එකට නිකුත් කිරීමේ හැකියාවකුත් Google සමාගමට නැහැ. මොකද Google Chrome භාවිත කරන්නේ Blink web browser engine නිසා. අපි බලමු කොහොමද Google සමාගම ඉදිරියේදී මෙම ගැටලුවට මුහුණ දෙන්නේ කියලා. කෙසේ නමුත් Microsoft සමාගම නම් තරයේම අවධාරණය කර සිටියා Microsoft Store Policies උල්ලංඝණය කරන නිසා මෙම application එක ඉවත් කරපු බව.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY