Chrome OS වලට උත්තර දෙන්න Windows අලුත් OS එකක් ??

Chrome OS වලට උත්තර දෙන්න Windows අලුත් OS එකක් ??

2631
0
SHARE

2017 වසරේ මැයි මාසේ Microsoft ආයතනය විසින් පණිවිඩයක් නිකුත් කරනු ලැබුවා Windows 10 S කියල අලුත් OS එකක් ගැන. මේක නිකන්ම නිකම් OS එකක් නෙමෙයි. ආරක්ෂක උපක්‍රමයක් විදිහට මේ OS එක සදහා පාවිච්චි කරන්නෙ Windows Store එකෙන් ලබාගත්තු applications පමණයි.

Microsoftහි Windows ප්‍රධානී Terry Myerson මහතා මේ සම්බන්ධයෙන් පැවත්වූ සම්මන්ත්‍රණයකදී එහි ක්‍රියාකරීත්වය අනුරූපණය කලේ මෙලෙසිනුයි. ඔහු විසින් මේ අවස්ථාවේදී image එකක් download කලා වෙබ් පිටුවකින්. එය open කිරීමට ගැලපෙන Windows Store apps, OS එක විසින්ම suggestions ලෙස ලබා දෙනවා. මෙය තමන්ගේ products market කරවන්න කරන දෙයක් කියලා විවිධ මත පැවතියත් මේ නිසා Windows Store එක තුල පවතින ආරක්‍ෂිත applications භාවිතා කරන්නන් hackersලගෙ ගොදුරු වෙන එකනම් වලකිනවා. ඔබට ගැලපෙන app එක මෙහි තිබුනේ නැත්නම් Windows 10 S වලින් Windows 10 Pro වලට මාරුවෙන්නට සිදුවෙනවා. මෙහිදී ටෙරී මහතා පවසනවා Windows Store එක තුල පවතින ඕනෑම browser එකක් සදහා Windows 10S  සහය දක්වන බව. මේ කතාවෙන් කියවෙන්නේ Chrome app එකකින් Windows Store එකට ආවත්, අලුත් Windows 10 S එකට එන්න අවහිරයක් නෑ කියන එක … Microsoft Edge මේ OS එකේ ප්‍රධාන browser එක විදිහට ඉන්නවා.

ඇත්තටම මේ අලුත් OS එක කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය වුවක්. ඔවුන්ගේ ප්‍රධාන target එක වෙන්නේ අධ්‍යාපන වෙළදපොල අතික්‍රමණය කිරීමයි.මේ OS එක මුල්ම වතාවට open කෙරෙන අවස්ථාවක පවා තත්පර 15ක් ඇතුලත සියළු loadings අවසන් වී වැඩ කල හැකි තත්වයට පැමිණෙනවා. මෙම OS එක භාවිත වෙන උපාංග නොබෝ කලකින්ම වෙළදපොලට පැමිණෙනවා $189ක් වැනි මුදලකට. කලින් Windows 10 Pro පාවිච්චි කරපු සියලුම පාසල් වලට මෙය නොමිලේ ලබාදෙන්නත් Microsoft ආයතනය තීරණය කර තිබෙනවා. මෙම windows 10 S, 2019 දී වෙළදපොලට නිකුත් කිරීමට සූදානම් බවයි Microsoft සමාගමේ Operating Systems හි Corporate Vice President වන Joe Belfiore කියා සිටියේ!

මේ පිලිබදව තවත් සෑහෙන්න තොරතුරු ඉදිරියට පැමිණේවි. මේ ගැන ඔබ දන්නා තොරතුරුත් මේකට එකතු කරන්න අමතක කරන එපා. නැවත හමුවෙමු…

Source:https://www.theverge.com/2018/3/7/17089850/microsoft-windows-10-s-mode-changes-2019

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY