Windowsහි OneDrive සඳහා වූ මේ මෑතකදී ඉවත් කල විශේෂාංගයක් නැවතත් එක් කරන්න Microsoft සමාගම විසින් තීරණය කරලා තියනවා.
Windows 8.1 එක්ක OneDrive usersලට ‘placeholders’ හඳුන්වා දුන්නා. මෙහිදී ඔවුන්ට තම cloud storage එකේ තියන files download කරන්නේ නැතුවම බලාගන්න අවස්ථාව ලැබුනා. ‘placeholder’ එක මත double click කල විට ඔබේ cloud files, machine එකේ තිබුනාක් මෙන් download වී open වෙයි. නමුත් සමහරක් usersලට තමන්ගේ device එකේ පෙන්නන ඒත් ඇත්තටම install වෙලා නැති මේ files ටික ප්‍රශ්නයක් වුනා. මොකද ඔවුන් offline සිටින විට files open කරන්න උත්සාහ කලත් එය අසාර්ථක වෙනවා. ඒ නිසා මේ ‘placeholder’ විශේෂාංගය මුළුමනින්ම ඉවත් කරලා දාන්න Microsoft සමාගම තීරණයකට එනවා. System එකට හැඩගැසි හිටපු usersලටනම් මෙය තරමක් කණස්සල්ලට හේතු වුනා.
පේන විදිහටනම් මේ විශේෂාංගය නැවතත් usersලා අතට පත් කරන්න මේ වන විට Microsoft සමාගම විසින් කටයුතු කරගෙන යනවා. ඒ අවශ්‍යනම් සේවාව සක්‍රීය කරගැනීමට හැකි ලෙස විකල්පයක්ද සමඟිනුයි. 2016 වසරේ ජූනි මස වන විට මෙය Windows Redstone update එකත් සමඟ ඔබ අතට පත් කිරීමට තීරණය කර ඇතත් දිනය සහ නියමිත විශේෂාංග වල වෙනස්කම් සිදු විය හැක.