Outlook සඳහා Find Time එළි දැක්වේ

Outlook සඳහා Find Time එළි දැක්වේ

3368
0
SHARE

ඊයේ දින Outlook usersලා සඳහා meetings schedule කර ගැනීමට පහසු වන built-in tool එකක් නිකුත් වුනා.  FindTime නම් මේ add-on එක Microsoft Garage team එක පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ගැන හොඳ අධ්‍යයනයක යෙදීමේ ප්‍රතිඵලයක් විදිහට ලැබුනු ප්‍රායෝගික විසඳුමකි. මෙහි අරමුණ නම් තම මිතුරන් සමඟ එකිනෙකාට පහසු  වේලාවට meetings schedule කරගැනීමට පහසු කිරීමයි. මෙහිදී සුපුරුදු emails යවා වේලාවක් වෙන් කරගැනීමේදී මුහුණ දෙන අපහසුතා මඟ හැරලයි තියෙන්නේ.

මෙය අළුත් අදහසක්නම් නොවේ. මේ වන විට ඕනෑතරම් මෙවැනි applications තියනවා.(Doodle, Timebridge, NeedToMeet) නමුත් මෙය මිලියන ගණනක usersලගේ වැඩ පහසු කරන app එකේම කොටසක් වීම මෙහි විශේෂත්වයයි.

පෙර තිබූ ආකාරය,

දැන්,

Install කිරීමෙන් පසුව FindTime ඔබට meeting එකක් පවැත්වීමට වේලාවන් කිහිපයක් යෝජනා කරයි. අනතුරුව අනෙක් අයට busy/free ලෙස mark කිරීමටද, එම වේලාවන් accept/decline කිරීමටද හැකි අතර අන් අයගේ ප්‍රතිචාර බලා අළුත් වේලාවක් යෝජනා කිරීමට වුවත් පුලුවන්.

සම්මුතියකට ආවට පස්සේ FindTime එක මඟින්ම ඔබ වෙනුවෙන් meeting invitation එක යවයි.

මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ email platform එක මත මෙය රඳා නොපැවතීමයි. ඕනෑම කෙනෙකුට මෙයට සහභාගි විය හැක.

අමතරව Azure හි email address එක, email subject එක, සහභාගී වන්නන්, email එකෙහි අඩංගු දේ යන තොරතුරු සියල්ලම encrypt කරයි. මේ වන විට FindTime Outlook 2013, Outlook 2016 සහ Outlook web හි ඇති අතර Office 365 සඳහා මෙය හොඳින්ම වැඩ කරන බව Microsoft සමාගම පවසයි.

 

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY