Windows 10 වලට අලුතින්ම එකතු වන features මෙන්න…

Windows 10 වලට අලුතින්ම එකතු වන features මෙන්න…

3290
0
SHARE

අපි හැමෝම දන්නා කාරණාවක් තමයි Microsoft සමාගමේ මුලික අරමුණ Windows 10 Operating System එක දැනට ලෝකය තුල වැඩියෙන්ම භාවිතා වන Operating System එක බවට පත් කිරීම. මේ සදහා ඔවුන් ලෝකයට වැදගත් වන හා ලෝකයා විශ්මයට පවා පත් කල හැකි features පවා එකතු කිරීමට Microsoft ආයතනය පැකිලෙන්නේ නැහැ.

ඔබට අමතක නම් Microsoft ආයතනය පසුගිය වසරේ හදුන්වාදුන් features අතර පැවතුනු ප්‍රධාන කරුණු කිහිපයක් මම මතක් කරන්නම්. කාටත් මතකනම් මේකට කිව්වේ Fall Creators Update කියලා. ඔවුන් මේ update එක ප්‍රධාන මාර්ග 3ක් ඉලක්ක කර තිබුනා. Narrator, Vision Impairments වගේම Reading and writing enhancement කියන ප්‍රධාන කරුණු වලින් මේ update එක කොටස් කර තිබුණා. Narrator කණ්ඩායම, enable කර තිබෙනවා keyboard, touch හෝ braille display එකක් භාවිතා කරලා command එකක් invoke කරන්නේ නැතුව command එකක් send කරලා ඒකෙන් ලැබෙන feedback එක ලබාගන්නා ආකාරය. මේකට කියනවා Device Learning Mode කියලා. ඒ වගේම Usability improvements කිහිපයක්ම ආවා. Narrator එකට පහසුවෙන්ම පුළුවන් Controls read කරන්න. Commands මතක තියාගෙන දුක් විදින්න ඕනේ වෙන්නේ නැහැ. ඉතා පහසුවෙන් usability improvement කරගන්න පුළුවන්. Narrator පාවිච්චි කරන අයගේ පහසුව වෙනුවෙන්ම Braille translations, application shortcuts හා key modifier වලට braille inputs ලබා දීමේ හැකියාවද පවතිනවා. ඒ වගේම automated image descriptions වගේ artificial intelligence භාවිතා වන අවස්ථා පවා මේ update එක තුල දක්වා තිබුනා.

  • Narrator තුල දැකිය හැකි improvements 

Narrator feature ගැන කතා කලොත් මේකේ සැහෙන්න වෙනස්කම් වෙන්න ඕන කියන දේ මුල ඉදන්ම usersලාගේ තිබුණු මතයක්. Microsoft අයගේ in-house Edge Browser එකේ, මේ වෙනස්කම් දකින්න පුළුවන්. මේ වෙද්දී Browser එක announce කරනවා, page එකක් load වෙනකොට, හිතුවට වඩා වෙලාවක් යනකොට සහ load වෙලා ඉවර වුනාට පස්සේ. ඒ වගේම මේ වෙද්දී Narrator එක safe mode එකට පවා available කරලා තියෙනවා.

  • Eye Control වල Improvements 

ඔබට දැන් හිතේවි කවද ඉදන්ද Eye Control තිබ්බේ කියල. මේක ආවේ Windows 10 Fall Creators Update එකත් එක්ක. මේකට විශේෂ hardware එකක් ඕනේ කරනවා. මේකේ වුන improvements විදිහට Scrolling එකතු වීම දක්වන්න පුළුවන්. ඒ වගේම Left click, Right click වල හැකියාවන් වැඩි කිරීම, Start Menu, Timeline, Settings වලට Quick Access ලබාදීම, ඒ වගේම Eye Control මගින් pause කිරීමේ හැකියාව වගේ විශේෂ ගුණාංග වැඩි දියුණු වෙලා තියෙනවා. මේ improvements වලට අමතරව feedback ලබාදෙන්න කියලා Microsoft ආයතනය ඔබෙන් ඉල්ලා සිටිනවා.

  • Reading, Writing Technology වල Improvements 

ඔවුන් නව අත්හදාබැලීම් කිහිපයක් කරල තිබෙනවා. Edge Browser එකට හා Reading View එකට ePub වගේ educational tools කිහිපයක files add කරලා තිබෙනවා. මේ මගින් සංකීර්ණ English වචන සරල කරගැනීම හා ව්‍යාකරණ වැරදි අඩුපාඩු හදාගැනීමයි මුලික අරමුණ වෙලා තියෙන්නේ. දැනට මේක U.S වලට විතරක් පැවතුනත් අනික් රටවල් වලටත් මේක එකතු කරන්න Microsoft සමාගම බලාපොරොත්තු වෙනවා.

මේ වසරේදී තවත් update එකක් නොලැබුනත් ලබන වසරේදිනම් නොවැරදීම එකක් ලබාගන්න පුළුවන් වේවි කියලා සිතන්න පුළුවන්. නැවත හමුවෙමු.

Source: https://www.neowin.net/news/microsoft-announces-upcoming-windows-10-accessibility-features

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY