Azure AI Search සහ AI Enrichment Pipelines – Part 02

Azure AI Search සහ AI Enrichment Pipelines – Part 02

9
0
SHARE

මේ තමයි Azure AI Services Article Series එකේ තවත් ලිපියක්. අපි මේකෙන් කතා කරන්නෙ simple keyword search එකක් ඉක්මවා ගිහින් AI-powered search experience එකක් Azure AI Search භාවිතා කරලා කොහොමද build කරන්නෙ කියන එක. ඒ සදහා Azure Cognitive Skills කොච්චර වැදගත්ද කියන දේ.

මේ ලිපිය පුරාවටම මේ සංකල්පය පැහැදිලි කරන්න මම උදාහරණයක් ගන්නවා legal services organization එකක document management system එකක්. Legal industry එක කියන්නෙ contracts, case files, scanned documents වගේ unstructured data වලින් පිරි industry එකක්. User කෙනෙක්ට exact keyword එක මතක නැතිව document එකක් හොයන්න වෙද්දි traditional search systems අසාර්ථක වෙනවා. මේ වගේ situation වල AI enrichment search experience එක business-critical වෙනවා.

අපි බලමු Azure AI Search එක AI Enrichment එක්ක කොහොමද වැඩ කරන්නෙ කියලා. Unstructured data handle කරන වෙලාවෙ පැනනගින ප්‍රධාන ගැටලු කිහිපයක් තියෙනවා.

  • PDFs හා images වල text directly searchable නොවීම
  • Multiple languages mix වෙලා තියෙන content
  • Relevant information identify කරන්න අමාරු වීම
  • Manual tagging හා metadata maintenance overhead

Azure AI Search AI enrichment pipelines භාවිතා කරලා මේ ගැටලු බොහොමයක් solve කරන්න පුලුවන්. OCR, language detection, entity recognition, sentiment analysis වගේ cognitive skills automatically run වෙලා documents enrich වෙනවා. Enriched data search indexes වල store වෙලා, user queries වලට highly relevant results ලබා දෙන්න පුලුවන්.

AI Enriched Search Architecture එකක් නිර්මාණය කිරීමේ වැදගත්කම

මුලින්ම ඔබට plan කරන්න වෙන්නෙ data ingestion flow එක. Raw documents Azure Blob Storage එකකට store කරලා skillsets define කරලා enrichment pipeline එක trigger කරන්න පුලුවන්. Business needs අනුව custom skills add කරලා domain-specific intelligence embed කරන්නත් පුලුවන්.

  • Azure AI Search enrichment architecture එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා.
  • Skillsets: Data enrich කරන AI models හා processing steps
  • Enriched Indexes: Search queries serve කරන final structured indexes

මේ architecture එක හරියට design කලොත් search accuracy වැඩිවෙනවා, user experience improve වෙනවා, ඒ වගේම manual effort සැලකිය යුතු ලෙස අඩු වෙනවා.

බොහොම ස්තූතියි අපගේ ලිපි මාලාව සමග එකතු වෙලා සිටීම ගැන. තවත් Azure AI ලිපියකින් නැවත හමුවෙමු.