Bill Gates සහ Mark Zuckeberg එකමුතුව

Bill Gates සහ Mark Zuckeberg එකමුතුව

2480
1
SHARE

Bill Gates සහ Mark Zuckeberg කියන්නේ තාක්ෂණික ලොකයේ දැවැන්තයන් විදිහට අපිට හදුන්වන්නට පුළුවන්. ඔවුන් එක්තරා විශේෂ ව්‍යාපෘතියකට අත ගසා ඇති බවයි පැවසෙන්නේ. මෙය හදුන්වා තිබුනේ Breakthrough Energy Coalition යන නමින්. මෙහි අරමුණ පිළිබදව Bill Gates ඔහුගේ වෙබ් අඩවියේ මෙසේ දක්වා තිබුනා.

We need to move to sources of energy that are affordable and reliable, and don’t produce any carbon

ඔහු පවසන ආකාරයට පරිසරයට කාබන් නිකුත්වීම හේතුවෙන් පරිසර පද්ධති විනාශ වීම වැලැක්වීම සදහා භාවිතා වන ශක්ති ප්‍රභවයන් කාබන් මුදා නොහරින තත්ත්වයකට ගමන් කරවිය යුතු බවයි.

Bill Gates මෙම Breakthrough Energy Coalition ව්‍යාපෘතිය නිවේදනය කරමින් කියා සිටියේ මෙයත් සමග ලෝකයේ සිටින බිලියනපතියන් 20 ක් පමණ එකතුවීමට නියමිත බවයි. ඒ අනුව ඔහුත් සමග Mark Zuckeberg මෙන්ම Amazon CEO Jeff Bezos, Alibaba හි ප්‍රධානී Jack Ma, Virgin Group හි නිර්මාතෘ Richard Branson වැනි තවත් බොහෝ පිරිසක් එකතු වන බව දැක්වෙනවා. මෙම තාක්ෂණයන් දියුණු වෙමින් පවතින රටවල් වලත් zero-emission energy solutions වෙනුවෙන් ක්‍රියාත්මක වනු ඇති.

මේ වසර මුලදී Bill Gates පවසා සිටියේ ඔහු ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ශක්ති ප්‍රභවයන්හී වායු පිටවීම අවම කිරීම උදෙසා යෙදවීමට ඉදිරි වසර 5 තුල සැලසුම් කර ඇති බවයි. ඔහු තවදුරටත් කියා තිබුනේ තවදුරටත් මිනිසුන් ලෝක යුද්ධයක් කරා ඇදෙන්නේ නම් මේ කරන කිසිදු කැපකිරීමක කිසිදු වටිනාකමක් නැති බවයි.

මේ ව්‍යාපෘතිය සදහා අරම්භයක් ලෙස Bill Gates සහ සෙසු සම්බන්ධවන්නන් කියා සිටියේ Mission Innovation නමින් USA, චීනය, ඉන්දියාව, ජපානය, ප්‍රංශය, බ්‍රසීලය වැනි රටවල් 20 ක් පමණ ආයෝජනය කරන්නට පොරොන්දු වී ඇති බවයි. මෙහි මූලික අදියර ලෙස electricity generation, agriculture, transportation සහ energy system efficiency යන අංශ සැලකීමට ලක් වනු ඇති.

Comments

comments