PowerShell ඉගෙන ගනිමු – 1 පාඩම

PowerShell ඉගෙන ගනිමු – 1 පාඩම

2294
0
SHARE

Windowsgeek කණ්ඩායම විදිහට අපි තීරණය කළා ඔබ වෙතට Microsoft Technologies ගැන ලිපි මාලාවක් අරගෙන එන්න. එහි පළමු පියවර විදිහට අපි ලියන්න හිතුවේ PowerShell ගැන. PowerShell කියන්නේ task automation හා configuration management framework එකක්. මෙහි නිර්මාතෘ වෙන්නේ Microsoft ආයතනය. මේකෙදි භාවිත වෙන්නේ command line shell එක සහ scripting languages. ලෝකයට මුල්ම වරට මේ Powershell ගැන දැනගන්න ලැබුනේ 2006 වසරේදී. 2016 වසරේදී Powershell Core කරලියට එනවා. මේකට කලින් තිබුන Powershell නිර්මාණය කලේ .Net Framework එක මඟින්. ඒ වගේම PowerShell Core නිර්මාණය කරන්න .NET Core තමයි භාවිත වෙන්නේ.

සාමාන්‍යයෙන් PowerShell වල administrative tasks preform කරන්න භාවිත කරන්නේ cmdlets. කියවන වෙලාවේදී command-lets කියලයි අපි උච්චාරණය කරන්නේ. ඒ වගේම Third-party developersලට ඔවුන්ගේම cmdlets develop කරන්න අවස්ථාව හා ඒවා Powershell එකට එකතු කිරීමේ අවස්ථාව හිමි වෙනවා. PowerShell විසින් full access එක ලබාදෙනවා COM (Component Object Model) හා WMI (Windows Management Instrumentation) සඳහා administrative tasks සිද්ධ කරන්න system administratorsලට. මේ අවස්ථාව හිමි වෙනවා Windows Systems local හා remote වර්ග දෙකටම. ඒ වගේම Linux Systems වලට පවා. අපිට දකින්න පුළුවන් PowerShell විසින් hosting API ලබාදෙනවා වගේම Powershell runtime එක අනෙක් applications එක්ක පවා embedded කිරීමේ හැකියාව ලැබෙනවා. Applications වලට මේ Powershell functionality එක ලැබීමේ තිබෙන වාසිය තමයි ඒකට අදාල වෙන යම් operations තමන්ගේ graphical interface එක හරහාම කරන්න පුළුවන් වෙන එක. මේක පාවිච්චි කරන application එකකට උදාහරණයක් විදිහට Microsoft Exchange Server 2007 දක්වන්න පුළුවන්. ඒ වගේම Microsoft SQL Server 2008 පවා ඔවුන්ගේ management interface එක expose කරන්නේ PowerShell cmdlets හරහා.

Cmdlets කියන්නේ මොකක්ද?

Cmdlets කියලා අපි හඳුන්වන්නේPowershell environment එක තුල ගොඩනැගුනු විශේෂ commands කිවුවොත් නිවැරදියි. Cmdlets වලින් output කරන කරන ප්‍රතිපල නිකුත් වෙන්නේ වස්තුන් විදිහට, තවත් විදිහකට කිවුවොත් objects විදිහට.  ඒ වගේම objects input විදිහට වුනත් ලබාදෙන්න පුළුවන් මෙයාලට. cmdlets නිර්මාණය වෙන්නේ .NET classes ඇසුරු කරගෙන.  Cmdlets බෙදන්න පුළුවන් Cmdlet හා PSCmdlet විදිහේ කොටස් දෙකකට. මේ ප්‍රධාන classes වල අඩංගු වෙනවා BeginProcessing(), ProcessRecord() හා EndProcessing() වගේ methods. ඕනෑම වෙලාවක Cmdlet එකක් run වුන වෙලාවක Powershell විසින් මේ methods පිලිවෙලින් invoke වෙන්න පටන්ගන්නවා. ඒ වගේම ProcessRecord() වගේ function එකක් වැඩ කරන්නනම් අනිවාර්යෙන්ම pipeline input එකක් receive වෙලාම තියෙන්න ඕනේ.  මේ cmdlet classes වල implementation කරන්න ඔබට .NET API එකක් හෝ ඕනෑම .NET language එකක් භාවිත කරන්න පුළුවන්.

අපි මේ හැමතැනකම කියපු Pipeline කියන්නේ මොකක්ද? Powershell වල scripting කරන්නේ කොහොමද? දැන් පවතින version එක කියද වගේ තවත් පාඩම් මාලාවක් එක්ක නැවත හමුවෙමු…

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY