Microsoft Windows 10 සදහා ඔවුන්ගේ ම ආයතනය යොදාගැනීම

Microsoft Windows 10 සදහා ඔවුන්ගේ ම ආයතනය යොදාගැනීම

2401
0
SHARE

මේ වසර පුරාවටම ගොඩක් කතබහට ලක් උන මාතෘකාවක් තමයි Windows 10 කියල කියන්නෙ. ලෝකය පුරාවටම යම් වෙනසක කතාබහක් ඇති කරවන්න Microsoft සමාගමට හැකිවුනේ Windows 10 සමග. මෙතුවක් කල් බිහිවුන Operating systems එක්ක බලනකොට Windows 10 අත්හදා බලන්න බොහෝ පිරිසක් කැමැත්තෙන් හිටියා. Microsoft සමාගම මේ සාර්ථකත්වය අත් කරගන්නට බොහෝ වෙහෙස මහන්සි වී තිබුනා. අපි අද කියන්න යන්නේ ඔවුන් මේ සාර්ථකත්වය ලගා කරගත්තෙ කොහොමද කියලා.

ඔවුන්ගේ අලුත් නිර්මාණය මිනිසුන් අතරට සාර්ථක ආකාරයෙන් ගෙනයන්නට විවිධ උපක්‍රම අතරින් ඔවුන් තිරනය කලේ බොහොම සුවිශේෂී ක්‍රමයක්. මේ ක්‍රමය එහෙම නැත්නම් Method එක නම් වෙන්නෙ “dogfooding” කියලා. මොකක්ද මේ dogfooding කියන්නේ. බොහෝ වෙලාවට මෙය කියවන ඔබත් ඔබේම ව්‍යාපාරයක අලුත් නිර්මාණයක් කරන්නට සිහින දකිනවා වන්නට පුළුවන්. එහෙම නම් ඔබට මේ ක්‍රමය අත්හදා බැලිය හැකියි.

dogfooding කියන නමේ තේරුම තමයි “Eating your own dog food” කියන එක. නමුත් මේ වචනය යොදාගන්නේ ඊට වඩා ලොකු තේරුමක් ගෙනෙන්නට. එනම් Organization එකක තමන්ගේම Product එකක් test කරන්නට හෝ promote කරන්නට එම Organization එකම පාවිච්චි කිරීම. dogfooding ඔබට උදවු කරාවි ඔබේ Product එක කොතරම් Stable දැයි ලෝකයට කියන්නට.  ඒ නිසාවෙන්ම dogfooding method එක එක්තරා අකාරයක quality control කිරීමක් මෙන්ම ප්‍රචාරණයක් ලෙසත් හදුන්වන්නට පුළුවන්.

Microsoft සමාගමෙන් නිකුත් වන වාර්ථා වලට අනුව Windows 10 ඔවුන්ගේ සේවකයන් 95% ක් අතරම බෙදා හැර තිබෙනවා. ඒ Windows 10 නිකුත් වන්නට පෙරයි. නමුත් මෙහිදී ඔවුන් යොදාගෙන තිබුනේ in-place upgrade ලෙස වීමත් විශේෂයක්. මෙසේ Microsoft සමාගම වසර කිහිපයක් පුරාවට කරන ලද මූලික අධ්‍යයනයන්ගෙන් පසුව සාර්ථක ලෙස Windows 10 තම ආයතනය තුලම 96,000 ක users ලා ප්‍රමාණයක විසුරුවා හරින්නට සමත් වුනා. හරියටම ඔබ අත්දකින Insider preview අත්දැකීමට බෙහෙවින්ම සමානයි.

මේ වැඩසටහන නම් කර තිබුනේ First and Best(F&B) නමින්. මේ F&B වැඩසටහන සති 9 ක් පුරාවට Windows 10 usersලා එකතු කර තබන්නට සමත් වෙනවා. මෙසේ ක්‍රියාවට නැන්වුනු වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස 38,000 පමණ Users ලා ප්‍රමාණයක් රදා පවත්වන්නට Windows 10 නිල වශයෙන් ජූලි මාසයේ නිකුත් කරන්නට පෙර ලබාගෙන තිබුනා. එනම් සමගමේ සේවකයන්ගෙන් 40%ක් ඔවුන්ගේ නව මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන්නන් බවට පත්ව තිබුනා.

ඇත්තටම මොකක්ද මේ in-place upgrade කියන්නේ. in-place upgrade කියන්නේ යම්කිසි Operating Sysyem එකක් හෝ Application එකක් එහි පරණ සංස්කරණය එලෙසින්ම තිබෙන පරිදි සහ එහි අඩංගු උනු Data පරිස්සම් සහිතව තබමීන් පරිඝණකයකට Install කිරීමයි. මේ ක්‍රමය බොහෝවිට යොදාගන්නේ අලුත් සංස්කරණයෙහි බොහෝ වෙනස්කම් පවතින විටයි. උදාහරනයක් ලෙස Windows 7 සිට Windows 8 වීමේදී මෙය යොදාගෙන තිබුනා.

CHVMdcQUsAA7q23

මේ අනුව Windows 10 සාර්ථකව නිකුත් කරන්නට ගන්නා ලද ක්‍රියාමාර්ග මෙසේ එම වාර්ථාවේ දක්වා තිබුනා.

  • නිකුත් කිරීමට කලින් හදාගත් Commiunity එක වැදගත්  ආයෝජනයක් වුනා. ඒ අනුව ඔවුන් installing, validating සහ feedback ලබාදීම වැනි දේ සදහා විශාල උදවුවක් සේම Forum හරහා ඔවුන්ගේ දැනුම බෙදාගැනීමද මේ සාර්ථකත්වයට හේතු වුනා.
  • in-place upgrade ක්‍රමය ඉතා සාර්ථක වී තිබුනා. ඒ අනූව Microsoft usersලාට ඔවුන්ගේ සියලුම applications, data සහ settings සුරැකිව තබාගනිමින් පහසුවෙන් මෙය අත්දකින්නට හැකියාවක් ලැබුනා.
  • පෙර නිකුත් කල Windows සංස්කරණයන් හා සැසදීමේදී සුන්දර හැරවුමක් ලෙස හොද user experience එකක් ලබාදෙන්නට Windows 10 සමත් උනා. එසේම Windows 10 setup එකේදී ඉබේම Windows.old නමින් Folder එකක් හදනවා.  එහි නියම operating system එකෙහි applications, data සහ settings අඩංගු වෙනවා. එනම් Windows.old Folder එක මුලු operating system එකම Copy කරගන්නවා. යම් විනාශයකදී Windows.old Folder එක Usersලාට තම Data recover කරගන්නටත් උදවුවක් උනා.
  • මෙම ක්‍රියාවලියේදී යොදාගත් Usersලා ට Upgrade පිලිබද දැනුම් දෙන්නට App එකක්ද නිර්මාණය වුනා. ඒ මගින් Usersලාට Inbox Check කිරීමකින් තොරව Upgrade පිළිබද දැනගන්නට අවකාශ ලැබුනා.

Microsoft සමාගමේ සංක්‍රාන්තියක් ලෙස දැක්විය හැකි Windows 10 ඔවුන්ගේ ආයතනය තුලම Usersලා යොදාගැනීම එක්තරා අකාරයක මෙහි ආරක්ශාකාරි බව පිලිබද ලොවට දැක්වීමක් ලෙසත් හැදින්විය හැකියි. Windows 10 නිල වශයෙන් නිකුත්කිරීමත් සමගම එය ලබාගත් සාර්ථකත්වයට Microsoft සමාගම යොදාගත් කලින් විස්තර කල ක්‍රම සියල්ලම පාහේ උදවු වී වී ඇති බව නම් සහතිකයි. ඔබත් මෙතුවක් කල් Windows 10 අත්හදා බලන්නට යම්කිසි දෙගිඩියාවකින් හෝ පසුවූවා නම් ඔබට මේ වෙනස අත්හදා බලන්නට  කාලයයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY