බ ගමනක් යනවිට සිදු කරන වියදම් වල ලදුපත් සියල්ලම ලග තබා නීම ප්‍රයෝගිකව අසීරු කාර්යයක් නේද? එයට කදිම විසදුමක් ගෙන එන්නට Microsoft සමාගම සමත් වෙලා තිබෙනවා. ඒ තමයි මේ Receipt Tracker ඇප් එක. මේ ඇප් එක OCR, එහෙමත් නැත්නම් Optical Character Recognition කියන තාක්ෂණය යොදා ගෙන ඡායාරූප වලින් තොරතුරු ලබාගන්නවා. ඒ විතරක් නෙමෙයි. Microsoft සමාගම පවසනවා, මේ ඇප් එක හරහා වියදම් වර්ගීකරණය කර පහසුවෙන් සමාලෝචනය කර ගැනීමටද, එම තොරතුරු විද්‍යුත් තැපෑල හරහා යැවීමටද හැකියාව තිබෙනවා.