Sticky Notes 3.0 කරළියට

Sticky Notes 3.0 කරළියට

1861
0
SHARE

Sticky Notes කියන්නේ Windows 7 වලට ආපු desktop notes application එකක්. මේක Windows 8 වගේම Windows 10 වල පවා අති සාර්ථකව පැවතුණා. ඒ වගේම කියන්නට ඕනේ Windows Vista සතුව පැවතුනු sticky notes තමයි පැහැදිලිම හා හොදම sticky notes. Vista වල Windows sidebar එකේ gadget එකක් විදිහට sticky notes දැකගන්න පුළුවන් වුණා.

ඔබේ අවධානය මම වෙනත් පැත්තක් යොමු කරන්නම්. Reza Jooyandeh කියන්නේ sticky notes සම්බන්ධව Microsoft සමාගමේ සේවකයෙක් වගේම Engineering Manager කෙනෙක්. ඔහු තමන්ගේ Twitter ගිණුමේ පහත ප්‍රකාශය කරනවා.

Sticky Notes v3.0 is coming to ring of Windows soon. We cannot wait to share the details with you !

මේ ප්‍රකාශය මෙතනින් බලන්න පුළුවන්. මේක පළවීමත් එක්කම sticky notes ගැන පිබිදීමක් ඇති වුණා කියන්න පුළුවන්. මේ ගැන ඔහුගේ පළමු දැක්වීම ඉහත දැක්වුණා. දෙවන දැක්වීම නැවත වරක් පළවුණා. ඒ තමයි පහත සටහන.

Part 1. Before all the beautiful sunshine arrived, we channeled our dark energy into a dark themed note. Introducing: Charcoal Notes Sticky Note v3.0 coming soon to

මේ twitter සටහනේ රුපයක් දැක්වෙනවා sticky notes 3.0 වල දක්වපු. කලින් sticky notes පාවිච්චි කරපු ඔබ දන්නවා එහි අන්තර්ගත වුන වර්ණ. නමුත් මේ අලුත්ම version එකත් එක්කම ඔබට අලුත් වර්ණයක් ලැබෙනවා. ඒ තමයි Charcoal. Dark Theme එකත් එක්ක වැඩියෙන්ම match වෙන චොලෝර් එකක් තමයි Charcoal. මේක එකතු කලට පස්සේ නිකන්ම sticky note වල වර්ණය තද අළු පැහැයට හැරිලා, ඊට පස්සේ text color එක සුදු වර්ණයට හැරෙන්න පටන් ගන්නවා.

සිතන්න ඔබට sticky notes සැලකිය යුතු ගණනක් තිබෙනවා කියලා. ඔබට මේවගේ අගක් මුලක් සොයාගැනීමට බැරි තත්වයකට පැමිණ තිබෙනවානම්, ඔබට ලැබෙන හොදම විසදුමක් තමයි sticky note home කියන්නේ. මේක වැඩ කෙරෙන විදිහ ඔබට පහතින් බලන්න පුළුවන්.

ඔවුන් පවසනවා මෙහි තිබෙන මේ high contrast ගතිය සහ දිලිසෙන ගතිය ඔවුන් විසින්ම මෙය වෙත එකතු කරන ලද්දක් බව.

මේ update එක ඔබ වෙත ලබාගන්න ඔබ අනිවාර්යෙන්ම 2018 අප්‍රේල් මාසයේ update එක ඔබේ පරිගණකයේ යාවත්කාලින කර තිබිය යුතු වෙනවා.

Reza නැවත වරක් තම ට්විට්ටේර් ගිණුම update කරනවා පහත ආකාරයට.

මෙහි කියවෙන්නේ 2018 අප්‍රේල් මෙය ඔබට නිකන්ම ලබාගත හැකි බව. යම් කෙනෙක් අද වෙනකන් මේ අත්දැකීම විදගත්තේ නැත්නම් අදම යාවත්කාලින කිරීමකට යොමු වෙන්න. තවත් වැදගත් දෙයක් තමයි මේ sticky notes වල අන්තර්ගතය ඔබට පුළුවන් ඔබේ හැම Windows device එකකටම ලබාගන්න.

මේ තමයි Reza සඳහන් කරපු අවසාන වෙනස්කම. sticky notes කියන්නේ අපේ ජිවිතේ අපිට අමතක වෙන දේවල් මතක් කරලා දෙන reminder එකක් වගේ. මේ features ගැන ඔබේ අදහස් අපිට කියන්න.

නැවත හමුවෙමු…

Source: https://www.neowin.net/news/microsoft-rolls-out-sticky-notes-30-to-windows-10-pcs-running-april-2018-update-and-later

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY