ඇ.ඩො. බිලියන 87කටත් වඩා වත්කමකට උරුමකම් කියන බිල් ගේට්ස් තවමත් ලොව ධනවත්ම පුද්ගලයායි.
එය අහසින් කඩා පාත් වුන වරමක් කියලා කවුරුහරි කියනවනම් ඒක වැරදියි. මොකද, ඔහු අති දක්ෂයෙක්. Microsoft සමාගම ඉහළටම ගෙන එන ගමනේදී සතුරන් සෑදෙන බව දැන දැනත් ඒ ගැන ඔහු මදක්වත් බිය වුනේ නැහැ.
1955 වර්ෂයේ ඔක්තෝබර් මස 28 දින William Henry Gates lll නමින් වොෂින්ටන් හි සියැටල් නගරයේ එක් නීතීඥයෙකුටත් බැංකු විධායක නිළධාරිනියකටත් පුතෙකු උපන්නා. ඔහුගේ නම නිසාම “Trey” ලෙස ඔහුට නමකුත් පටබැඳුනා.
ගේට්ස්ගේ දෙමවුපියන්ගේ කැමත්ත වුනේ ඔහු නීතීඥ වරයෙකු වනවා දකින්නයි. ඒ නිසා ඔහුව සියැටල් හි පෞද්ගලික උසස් පාසලක් වන Lakeside පාසලට ඇතුලත් කරනවා. මෙහිදීයි ඔහුට Microsoft හි ආදී කර්තෘවරයෙක් වන Paul Allen වත් මුණගැසෙන්නේ.
Lakeside පාසලද ගේට්ස්ගේ ගමන් මඟ වෙනස් කරන්න මඟක් වුනා. Lakeside Mothers Club එක පාසලට Teletype Model පරිගණක 30ක් ලබා දුන්නා. මෙයට ඔහු අධික ලෙස ඇලුම් කරන්න ගත්තා.
ඉතින් මේ නව යොවුන් ඉළන්දාරීන් දෙදෙනා මේ අජීවි පරිගණක සමඟ ආදරයෙන් බැඳුනා. වැඩිපුර වේලාවක් පරිගණක මධ්‍යස්ථානයේ ඉන්න හිතාගෙන scam free කර ගැනීමට bugs ඇතිව මොවුන් code කලත් එය අසු වී ඔවුන් දෙදෙනාට එයට ඇතුල් වීමත් තහනම් වුනා.
පරිගණකයෙන් ගත යුත්ත තේරුම් ගන්න ඔහුට වැඩි කල් ගියේ නැහැ. පාසලේ වැඩසටහන් මෙහෙයවන්න පාලක මණ්ඩලය මෙම පරිගණක භාවිතයට ගත්තා. ඉතින් ඒකෙන් වුනේ ගේට්ස් රහසේම එම දත්ත වලට ඇතුල් වී ඔහු කැමතිම තරුණියන්ගෙන් තම පංතිය පිරී යන විදිහට වැඩසටහන් වෙනස් කරගැනීමයි.
ලේක්සයිඩ් හැර යන්න පෙර ඇලන් සහ ඔහු තම මුල්ම ව්‍යාපාරික කටයුත්තට අත ගැසුවා.නගරයේ traffic counter එකෙන් තොරතුරු ලබාගෙන ඒවා traffic engineersලාට යැවීම. මේක තරමක් දුරට සාර්ථක වුනා. ඒත් හොඳම දේ තමයි ඒක Microsoft එකට අඩිතාලමක් වුන එක.
1973 දී ලකුණු 1600න් 1590ක් ලබාගෙන ගේට්ස් හාවඩ් විශ්ව විද්‍යාලයට තේරුණා. නමුත් ඔහුට ඔහු යා යුතු මඟ ගැන පැහැදිලි අදහසක් තිබුනේ නැහැ. ඔහු දවසින් වැඩි කාලයක් පරිගණක සමඟ ගත කරමින් සිටියා.
නමුත් එහිදී ඔහු බොහෝ පිරිස් ආශ්‍රය කළා. Steve Ballmer ඔවුන්ගෙන් එක් අයෙක්. එකම dorm එකේ සිටියත් ඔහුව මුණගැසෙන්නේ economics class එකේදී විතරයි.
1974 දී හැමදේම වෙනස් වුනා. MITS නම් සමාගමක් Altair 8800 නම් processor එකක් නිකුත් කළා. මෙය ආධුනිකයන්ට වුනත් පහසුවක් වුනා.
ගේට්ස්ට සහ ඇලන්ට මේ අතර MITS සමාගමේ වැඩ කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ Altair 8800කට BASIC Programming language එකෙන්. ඒ වෙනකොට මොවුන් දෙදෙනා Altair 8800ක් අතින්වත් අල්ලලා තිබුනේ නැහැ. නමුත් මේ වෙලාවේ ඔවුන්ට ඇත්තටම ඕනේ වෙලා තිබුනේ අතට කීයක් හරි හොයාගන්නයි.
Altair එකේ BASIC වල version එකක් hack කරලා ඒක පෙන්නන්න මේ දෙන්නා Albuquerque වල MITS කාර්යාලයට ගියා. එය දැකලා ඔවුන් විස්මයට පත් වුනා. ඉතින් මේ දෙන්නව ඔවුන් බඳවා ගන්නවා. New Mexico වලට මාරු වුනත් ගේට්ස් ඔහුගේ හාවඩ් අධ්‍යයන කටයුතු නැවැත්තුවේ නැහැ.
මේ දෙන්නා ඔවුන්ගේ හවුල “Micro-soft” ලෙස නම් කළා. Albuquerque වල කුඩා කාර්යාලයක් විවෘත කළා.
මේ දවස් වලම ඒ කියන්නේ 1977දී විතර අපේ මේ කථා නායකයා මාර්ග නීති උල්ලංගනයකට අහු වෙලා ලොකු ඇබැද්දියකට මූණපානවා. ඉතිං සමාගම 1979දී Washingtonහි Bellevue කියන ප්‍රදේශයට ගෙනියනවා. පහත රූපයේ තියෙන්නේ පොලීසියට අහු වූ අවස්ථාවේ ගත් ඒ සුප්‍රසිද්ධ mugshot එක.
1980දී ගේට්ස්ගේ හාවඩ් සගයෙක් වන Ballmer සමාගමට එකතු වෙනවා. 1988දී මොහුව තම සමාගමේ වෙළඳ කටයුතු සම්බන්දයෙන් Executive Vice President කරගැනීමට තරම් මොහු විශ්වාසවන්තයෙක් වෙනවා.
Microsoft එකේ මුල් වසර කිහිපය ගෙවුනේ වෙළඳපළට අළුතෙන් programming languages හඳුන්වා දෙන්නයි. ගේට්ස් ඇත්තෙන්ම තමා යටතේ වැඩ කරන සේවකයින්ව හොඳින් පාලනය කළා. ඔවුන් ලියන සෑම code line එකක්ම පාහේ පරීක්ෂා කළා.
ඒ 1980 වර්ෂයයි. IBM සමාගම ඔවුන්ගේ මීළඟ Operating System එක සඳහා Microsoft එක වෙත හැරෙයි. ගේට්ස් ව්‍යාපාරික ලොවේ දිදුලන්නයි යන්නේ.
ගේට්ස් මේ සම්බන්දයෙන් යුහුසුළුව කටයුතු කළා. 86-DOS එහෙමත් නැත්නම් Disk Operating System යනුවෙන් නම් කළ මෙය ඇ.ඩො. 50,000කට IBM සමාගමට විකුණුවා. පසුව PC-DOS ලෙස එය නම් වුනා.
නමුත් මේ MS-DOS එකේ පිටපත් අයිතියක් ගැනනම් මෙහිදී සඳහන් වුනේ නැහැ. ඒ නිසා මේක ඕනෙම කෙනෙකුට නොමිලේ ගන්න පුළුවන් වුනා.
IBM එකේ සාර්ථකත්වය බලාගෙන හිටපු අනිත් අය ඒකට අනුරූප පරිගනක හදන්න පෙළඹුනා. ඒකෙන් වුනේ ඔවුන්ටත් බිල් ගේට්ස් සමඟද ගනුදෙනු කිරීමට සිදු වීමයි.
ඉතිං මේක Microsoft සමාගමේ දියුණුවට ලොකු අත්තිවාරමක් වුනා. IBM, Compaq, Dell සහ හැමෝම පරිගනක හැදුවා. නමුත් Operating System එක වුනේ DOS . ඉතිං PC විප්ලවයේ කේන්ද්‍රස්ථානය Microsoft සමාගම නොවේද?
1983දී-ඇ.ඩො. මිලියන 55ක විකුණුමක්. පරිගනක ලෝකයේ විශාලතම සමාගම.
1986 මාර්තු 13-සමාගම මහජනයාට විවෘත කළා. ඇ.ඩො.21ක් වූ කොටසක් පලමු දවස අවසානයේම ඇ.ඩො.28 දක්වා අගය වැඩි වුනා.
1987දී-අවුරුදු 31ක් වූ ගේට්ස් බිලියනපතියෙක්.
කොටස් වෙළඳපළේ මේ තත්වය මත 1995දී ඔහු ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වුනා. ඒ විතරක් නෙමෙයි එය 2007 වර්ෂය දක්වා ගෙනියන්නත් ඔහු දක්ෂ වුනා. නැවතත් 2009දී හා 2014දී මේ ලොව ධනවත්ම පුද්ගලයා කියන නාමය දිනාගත් ඔහු මේ වන විටත් එය පවත්වාගෙන යනවා.
1985දී Microsoft සමාගම windows 1.0 නිකුත් කළා. මෙය Apple සමාගමේ අධිපති Steve Jobs සමඟ දීර්ඝ කාලීන ගැටුමේ ආරම්භය කියලා කවුරුවත් සිතුවේ නැතුව ඇති. Jobs මොවුන්ට එරෙහිව නඩු දැම්මා. ඒ ඔවුන්ගේ window GUI අදහස සොරකම් කරලා හිමිකම් අයිතිය උල්ලංගණය කළා කියන හේතුව මත. 1993දී Microsoft සමාගම නඩුව ජයග්‍රහණය කළා.
ගේට්ස් පෙරළිකාර යෞවනයෙක්. පරාජය වෙන්න කැමති වුනේම නැහැ. ඉතිං එක එක software වෙළඳපළට එනකොට කෙසේ හෝ ඒවා අතරින් Windows , Office software ප්‍රචලිත කරගන්න ඔහු දක්ෂ වුනා. අවසානයේ Windows වෙළඳපළ දිනාගත්තා.
ඇතුලතින් ගත්තත් ඔහු වචනයෙන් දිනන්න හරි දක්ෂයි. ඔහුගේ පාලක මඩුල්ලත් එක්ක සංවාදයේ යෙදෙනකොට නිතර කියන වචනයක් තමයි “That’s the stupidest thing I’ve ever heard”.
Microsoft සමාගම මෙසේ තම ආධිපත්‍ය පතුරුවනකොට Apple සමාගමට තරඟය අල්ලාගෙන ඉන්න ටිකක් අමාරු වුනා. 1997දී Steve Jobs නැවතත් සමාගමේ අධිපති වුනා. ඉතිං දෙගොල්ලොම තීරණය කළා පරණ කෝන්තර අමතක කරලා හවුල් ගිවිසුමක් ගහන්න. මේකෙන් Microsoft සමාගම පොරොන්දු වුනා අවුරුදු 5ක් යනකන් Office නිෂ්පාදන Mac පරිගනක වලට ගැලපෙන විදිහට හදන්නත්, Apple සමාගම පොරොන්දු වුනා Internet Explorer ඔවුන්ගේ default web browser එක විදිහට භාවිතා කරන්නත්. ඒ විතරක් නෙමෙයි ඒ දවස් වල මතවාද වලට තුඩු දුන්න තවත් දෙයක් තමයි Microsoft සමාගම Apple සමාගමේ ඇ.ඩො.මිලියන 150ක ආයෝජනයක් කිරීම.
ගේට්ස්ගේ කලහකාරී ස්වභාවය නිසා ඔහුට එතරම් ප්රේක්ෂකයෝනම් කැමති වුනේ නැහැ.
1995දී මොහු The Road Ahead නමින් අන්තර්ජාලය සම්බන්ඳව වගේම තවත් ඒ කාලයට අනුව නවතම අදහස් වලින් යුතු පොතක් එළිදැක්වූවා.
1998දී ගේට්ස්ගේ ආවේගශීලී ක්‍රියා කලාපය නිසා සමාගමට බොහෝ කරදර වලට මුහුණ දෙන්න වුනා. ඇමෙරිකාව මොවුන්ට විශ්වාස භංගත්වය මත නඩු පැවරුවා. වසර කිහිපයකට පසු එය විසඳාගත් අතර ඉන්පසු සමාගම තම ව්‍යාපාරික ප්‍රතිපත්ති ටිකක් වෙනස් කරගත්තා.
මේ තත්වය මත ඔහු තීරණය කරනවා Microsoft සමාගමේ අධිපති තනතුර Ballmerට භාර දෙන්න. ඒ 2000 වර්ෂයයි. ඒ වෙනුවට ඔහු මෙහි Chief Software Architect බවට පත් වෙනවා. තවමත් ඔහු සමාගමේ මුහුණතයි. නමුත් නායකයෙක් වශයෙන් වැඩ කරලා හමාරයි.
මේ අතර Ballmer හා ගේට්ස්ගේ චරිත විකට වැඩසටහන් වලටත් යොදා ගත්තා. “Austin Powers” වගේ වැඩසටහන් වලට.
2006දී Chief Software Architect තනතුරෙන් ඉවත් වී සමාගමේ අධිපති බවට පත් වුනා. මේ අතර ඔහු වැඩි වශයෙන් Bill and Melinda Gates Foundation එක එනම් ලොව විශාලතම පෞද්ගලික අසරණයන්ට සරණ වෙන පදනමට අවධානය යොමු කළා. එය ඔහුගේ ප්‍රිය බිරිඳගේ මූලිකත්වයෙනුත් සුප්‍රසිද්ධ ආයෝජකයෙක් වන Warren Buffetගේ අනුග්‍රහයෙනුත් පටන් ගත් පදනමක්.
ඉතිං ඔහුගේ අති විශාල ධනය ලොව අර්බුදකාරී ප්‍රශ්න වලට යොදවන්න ගත්තා. පිරිසිදු ජලය, බලශක්ති අර්බුදය හා අහාර අර්බුදය වගේ.
ඒ විතරක් නෙමෙයි ඔහුගේ අභ්‍යන්තර ජීවිතයත් සැපවත් එකක් වුනා. Four seasons hotel chain එක මේවායින් එකක්.
ඇත්තෙන්ම Steve Jobs හා ගේට්ස් හොඳ මිතුරන් වුනේ නැතත් එකිනෙකාට ගරු කරන කොන්දේසි වලට යටත් වුනා.
පරිත්‍යාග වලට අමතරව ගේට්ස්ගේ ඇස්තමේන්තු වත්කම ඇ.ඩො.බිලියන 87කටත් වැඩියි.
2014දී සභාපති තනතුර අත් හරින ඔහු අවසානයේ Ballmerගේ තැන ගත් Satya Nadellaගේ තාක්ශණික උපදේශක බවට පත් වුනා.
Source: Business insider