මොකක්ද මේ Microsoft හඳුන්වා දෙන Office 365 Project Time Reporter කියන්නේ?

මොකක්ද මේ Microsoft හඳුන්වා දෙන Office 365 Project Time Reporter කියන්නේ?

1748
0
SHARE

විශාල ආයතන වල ව්‍යාපෘති කිරීමේදි එම ව්‍යාපෘති කාර්යයන් ප්‍රගතියකට අනුව සිදු වනවා දැයි පරීක්ෂා කිරීමට සහ ප්‍රාග්ධන, මෙහෙයුම් වියදම් අඩු කිරීමට සහ නිරතුරු පරීක්ෂා කිරීමට අවශ්‍ය දත්ත ලබා දීමට උපකාරී වන මෙවලමක් විදිහට timesheets හඳුන්වා දෙන්න පුළුවන්.

වසර ගණනාවක් පුරා සරල spreadsheets සමඟ වඩා තදින් ඒකාබද්ධ වු විද්‍යුත් timesheets, ව්‍යාපෘති කළමනාකරණයට විසඳුම් ලබා දෙමින් දැන් වඩ වඩා පරිණාමය වෙලා තිබෙනවා. කෙසේ වුවත් බොහෝ කාලයක් පුරාවට ව්‍යාපෘති කළමනාකරණ කාර්යාල වල භාවිතා කිරීමට කැමති මෙවලමක් බවට Microsoft Project පත් වෙලා තිබෙනවා. සාම්ප්‍රදානුකූල desktop application එකක් ලෙස නිපදවා තිබූ මෙය 2013 වසරේ සිට cloud සේවාවන් හරහා Office 365හි ‘Project Online’ ලෙස ලබා දී තිබෙනවා.

unnamed-1

Online ව්‍යාපෘති කළමනාකරණ විසඳුමක් විදිහට මේ අලුත්ම Office 365 Project Time Reporter කියන app එක හඳුන්වා දීමට Microsoft දැන් උත්සාහ කරනවා. දැනට මෙම app එක පරිශීලකයන්ට, ව්‍යාපෘති නොවන සහ තමාගේ පෞද්ගලික කාර්යයන් මෙයට එක් කිරීමේ හැකියාව ලැබෙන අතර තමාට පැවරුණු කාර්යයන් නිරීක්ෂණය කිරීමට සහ යාවත්කාලීන කිරීමටත් ඉඩ ලබා දී තිබෙනවා. ඒ වගේම තව අමතර පහසුව සඳහා තම timesheets පසුව යාවත්කාලීන කිරීමට හැකි වන පරිදි සහ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි save කිරීමේ හැකියාවද මෙහි තිබෙනවා.

දැනට Office 365 Project Time Reporter නිකුත් කර තිබෙන්නේ iOS සඳහා පමණයි. නමුත් නුදුරු අනාගතයේදි Android සහ Windows සඳහා ද මෙහි versions, Google Play Store සහ Windows Store වෙත නිකුත් කරන බව Microsoft පවසනවා.

Source: neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY