යුගයක් වෙනස් කල මිනිසා – Bill Gates

යුගයක් වෙනස් කල මිනිසා – Bill Gates

3681
0
SHARE

ලොව විශාලතම මෘදුකාංග සමාගමක් මෙන්ම වර්තමානයේදී ඊටත් එහා ගිය විශ්මිත නිර්මාණ කරමින් තාක්ෂනය අතින් මුළු ලෝකයම ඉදිරියට රැගෙන යන, ලෝක ප්‍රසිද්ධ Microsoft සමාගමේ නිර්මාතෘ ඔහුයි. නමින් ඔහු Bill Gates වෙයි.

1955 වර්ෂයේ ඔක්තෝම්බර් 28 වන දින Seattle, Washington හි උපත ලැබූ Bill Gates,
සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා විය. අන් යට වඩා ටිකක් වෙනස් චරිතයක් වූ Bill දවසින් සැලකිය යුතු ප්‍රමාණයක් පොත් සහ Encyclopedia සමග කාලය ගත කරන්නට විය. Seattle’s Lakeside පාසලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු ගණිතය, විද්‍යාව වැනි විෂයන් වලට ඉතාමත් දක්ෂයෙක් විය.

childage bill

එකල Seattle computer company විසින් සිසුන් සදහා පරිගණක දැනුම ලබා දීමේ වැඩසටහනක් මගින් Gates ට terminal එකක වැඩ කිරීමට අවස්තාව ලැබුණි. එහිදී ඔහු BASIC පරිගණක භාෂාවෙන් tic-tac-toe program එකක් හරහා usersලාට පරිගණකය සමග ක්‍රීඩා කිරීමට අවස්තාව සැලසුවේය.

අද පවතින Microsoft සමාගම නිර්මාණය කිරීමට Bill සමගම සිටි Paul Allen ව, Bill ට හමුවන්නේ මේ අවස්තාවේදීය. දෙදෙනා ඉතාමත් ඉක්මනින් සමීපතම යාළුවන් බවට පත්විය. පාසල් කාලය තුලදීම Bill, Seattle computer company එක සදහා payroll program එකක් නිර්මාණය කළේය.

0215_tbtpaulandbill

1970 වර්ෂයේදී Bill Gates, Paul Allen සමගින් ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔවුන් Seattle හි traffic එක අධ්‍යනය කිරීමට “Traf-o-Data” නමින් පරිගණක වැඩසටහනක් නිර්මාණය කර ඉන් ආදායමක්ද උපයා ගත්හ.

1973 වසරේ දී Lakeside පාසලෙන් තම උපාධිය ලබාගත් Bill Gates, වැඩිදුර අධ්‍යාපනය
ලබාගැනීමේ අරමුණින් Harvard විශ්වවිද්‍යාලයට ඇතුලත් විය. මේ අතර කාලය තුල ‘Altair 8800 mini-Computer kit’ ගැන Popular Electronics යන සගරාවට ලියන ලද ලිපියක් Allen විසින් Gates ට පෙන්වූයේය. ඔවුන් දෙදෙනාටම සිතුනේහැ එකම දෙයකි. ඒ මෙම Altair 8800 mini-Computer එක තමන් දන්නා BASIC පරිගණක භාෂාව පාවිච්චි කර වැඩිදියුණු කරීමට හැකි බවයි. පසුව ඔවුන් දෙදෙනා මෙම Altair 8800 නිපදවන සමාගම වන Micro Instrumentation and Telemetry Systems (MITS) සමග එකගතාවයකට පැමිණියහ. MITS සමාගමේ හිමිකරු වන Ed Roberts මහතා මේ දෙදෙනාට demonstration එකක් කිරීමට ආරාධනා කළේය. ඊළඟ මාස දෙකම Harvard විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයේ ගතකරමින්, අවසානයේදී ඔවුන් සාර්ථක මෘදුකාංගයක් නිමවීය.

220px-Popular_Electronics_Cover_Jan_1975

මෙම සිද්ධියෙන් පසුව 1975 වර්ෂයේදී Bill Gates සහ Paul Allen දෙදෙනා “Micro-Soft” නමින් හවුල් සමාගමක් ආරම්භ කෙරිණි. මෙයින් අවුරුද්දකට පමණ පසුව “Micro-Soft”, “MicroSoft” බවට පත්විය. දිගින් දිගටම විවිධාකාර formats වලින් වෙනත් පරිගණක සමාගම් වලටද මෘදුකාංග නිර්මාණය කරමින් Microsoft සමාගම දිනෙන් දින දියුණු විය. Bill Gates අවුරුදු 23 වන විට (1978) සේවකයන් 25 දෙනෙකුගෙන් යුත් සමාගමක හිමිකරුවෙක් විය. තවද එම වර්ෂයේදී ආදායම ඩොලර් මිලියන 2.5 ක් විය. ($2.5 million).

මෘදුකාංග නිර්මාණයට අමතරව ව්‍යාපාර දැක්මක් ද , නිසි තීරණ ගනිමින්ද Microsoft සමාගමට මග පෙන්වූ Gates, එය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. 1978 – 1981 කාලය තුල සේවකයන් ගණන 25 සිට 128 දක්වා වැඩි විය. සමාගමේ ආදායම ඩොලර් මිලියන 4 සිට ඩොලර් මිලියන 16 දක්වා වැඩි විය.

1986 දී , Bill Gates විසින් Microsoft සමාගම, කොටසක් $21 ලෙස කොටස්කරුවන් සඳහා යෝජනා කිරීමට ඉඩ ලබාදිය. Gates සියලුම කොටස් වලින් 45% ටමන් සතු කරගත්තේය. එයින් ඔහු එකවරම $ 234 million වැනි විශාල ආදායමක් උපයන ලදී. 1993 සිට 2007 දක්වා ලොව ධනවත්ම මිනිසා ලෙස නොකඩවා පලමුවන ස්ථානයේ ඔහුගේ නම සටහන් වී තිබිණි.

Gates ගේ සහකාරිය වශයෙන් Microsoft සමාගමේම සේවය කල කාන්තාවක් වන Melinda තෝරාගත් Gates 1994, ජනවාරි 1 වන දින ඇයත් සමග Hawaii වලදී විවාහ විය. විවාහයෙන් පසුව gates සමගින් ඔහුගේ බිරිද විශාල වශයෙන් සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කළේය.

malinda

2014 පෙබරවාරි මාසයේදී, තමන් Microsoft සමාගෙමේ CEO තනතුරෙන් විශ්‍රාම ගන්නා බවත්, ඒ වෙනුවට සමාගමේ තාක්ෂණික උපදේශක වශයෙන් රැඳීසිටින බවත් දැනුම් දුන්නේය. පසුව ඔහු වෙනුවට CEO වශයෙන් Steve Ballmer මහතා පත්විය. මෙම නික්මයාමෙන් පසුව Bill Gates වැඩි වශයෙන් ‘Bill and Melinda Gates Foundation’ හරහා සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී සමාජ සත්කාරයන්හි යෙදෙමින් සිටි.

අවසාන වශයෙන් , ඔක්තොම්බර් 28 වන දින, 60 වන ජන්ම දිනය සමරන ඔබට, අපගෙන් සුභ පැතුම්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY