Lumia 550 Smartphone හි විස්තර Leak වෙයි…

Lumia 550 Smartphone හි විස්තර Leak වෙයි…

3177
1
SHARE

Microsoft සමාගම ඔවුන්ගේ අලුත්ම Windows 10 උපාංග එළිදක්වන්නට ඔක්තෝම්බර් 6 වෙනිදා පවත්වන්නට නියමිත විශේෂ වැඩසටහන ගැන ඔබ දැනටමත් දැනුවත් ඇති. මේ කියන්න යන්නේ ඒ වැඩසටනේදී නිකුත් කරන්නට නියමිත තවත් Device එකක් ගැන. ඒ තමයි Lumia 550 Smartphone එක. දැනටමත් මේ Smartphone එකේ විස්තර වගේම images Leak වෙලා තියෙනවා.

මේ අලුත්ම Lumia 550 Smartphone එක Mid-range Smartphone එකක් බව පැවසෙනවා. එම නිසා මෙය පහසු මිලකින් මෙන්ම වැඩි features ප්‍රමාණයකින්ද සමන්විත වේවි.

මේ Lumia 550 Smartphone එක විවිධ වර්ණ වලින් සමන්විත පොලිකාබනේට්  Body එකකින් වගේම කළු පැහැති ඉදිරිපස පෙනුමකින්ද නිකුත් විමට නියමිතයි.

ඒ වගේම මේ Lumia 550 Smartphone එකේ සැලකිය යුතුම Feature එක වෙන්නේ මෙහි ඉදිරිපස කැමරාවට Flash එකක් ද පැවතීමයි. ඒ වගේම මේ Flash එක ක්‍රියාත්මක වෙන්නේ Sensors උපයෝගී කරගෙන බවද පැවසෙනවා.

මෙසේ Leak උන Lumia 550 Smartphone එකේ Hardware Specification පහත ලෙස විය හැකි බවද පැවසෙනවා.

  • අගල් 4.7 කින් යුත් 720×1080 තිරය
  • 1.1GHz Qualcomm Snapdragon 210 quad-core ප්‍රොසෙසරය
  • 8 GB අභ්‍යන්තර මතකය

මෙසේ Leak උන Lumia 550 Smartphone එක රතු, කළු, සුදු සහ නිල් වර්ණ වලින් නිකුත් වීමට නියමිතයි.

මේ සමගම තවත් බොහෝ Windows 10 උපාංග ඔක්තෝම්බර් 6  දින වැඩසටහනේදී නිකුත් වන්නට නියමිතයි. windowsgeek අපි මේ සියල්ල ඔබට ගෙනෙන්නට සූදනම්. Microsoft Band 2 එක ගැන මෙතනින් බලන්න.

Lumia 550 Smartphone හි Leak උන Images පහලින්…..

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY