Microsoft Office 2016 වෙළඳපොළට

Microsoft Office 2016 වෙළඳපොළට

2971
1
SHARE

Microsoft සමාගමේ Windows මෙහෙයුම් පද්ධතියෙන් පසුව ප්‍රධානම නිෂ්පාදනයක් වන Office හී නවතම සංස්කරණය වන Office 2016 අද(22) නිල වශයෙන් වෙළඳපොලට නිකුත් කෙරුණා. මීට සමඟාමීව ශ්‍රී ලංකාවේද Office 2016 හඳුන්වාදෙන ලදී. මේ සමඟ පැමිණෙන නවතම අංග සහ තවත් බොහෝ දේ මේ ලිපිය හරහා විස්තර කෙරෙනවා.

Microsoft සමාගමට අනුව Office 2016 සංස්කරණය mobile-first, cloud-first ලෙසින් නිර්මාණය කර තිබෙනවා. ආසන්න වශයෙන් Office Home & Student 2016 සංස්කරණය $145 ක්ද, Office 365 වසරකට $70 කට පමණ මුදලකට මිලදී ගැනීමට හැකි වෙනු ඇත. ස්පර්ශ සංවේදී තීරයන්ට මෙවර පෙර නොවූ විරූ ලෙස Office පැකේජය සහය දක්වනවා.

Windows 10 තුල MS Office Word හඳුන්වා දීම,

Windows 10 තුල MS Office PowerPoint හඳුන්වා දීම,

පහත වැඩි දියුණු කිරීම් මුලික වශයෙන් මෙම නවතම නිකුත් කිරීමෙහි දක්නට ලැබෙනවා.

1. Word සහ PowerPoint තුල Co-Authoring.

ඔබේ උපාංගය කුමක් වුවත් එකම ලේඛනයෙහි එකවර අනෙක් අය සමඟ කාර්යයන් සිදු කල හැක.

2. Word, PowerPoint සහ Excel තුල Simplified Sharing.

Share බටනය click කිරීම මඟින් ලේඛනයෙහි සිටම පහසුවෙන් share කර ගන්න පුළුවන්.

3. OneNote තුල Shared Notebooks.

4. Word තුල Real-Time Typing.

5. Outlook තුල Modern Attachments.

6. Outlook තුල Mail Triage.

7. Word, PowerPoint සහ Excel තුල Improved Version History.

8. Excel තුල One-Click Forecasting.

9. Word, PowerPoint සහ Excel තුල New Chart Types.

10. Access තුල Export Data Source Information to Excel.

11. Project තුල More Flexible Timelines.

12. Project තුල Better Control over Resource Scheduling.

13. Visio Professional තුල Improved Data Connectivity.

14. Visio තුල Modern Shapes.

15. Windows 10 සමඟ ඉතා හොදින් ක්‍රියාත්මක වෙයි.

16. Word, PowerPoint, Excel, OneNote, Outlook, Access, Project, Visio සහ Publisher තුල නවතම තේමා රැසක්.

17. Word, PowerPoint, Excel, Outlook, Project, Visio සහ Access තුල Tell Me අංගය.

18. Word, PowerPoint, Excel සහ Outlook තුල Smart Lookup අංගය.

19. Word, PowerPoint, Excel, OneNote සහ Outlook තුල OneDrive Integration.

20. Skype Integration.

21. Word, PowerPoint, Excel, OneNote සහ Outlook උපාංග රැසකම ක්‍රියාත්මක වීම.

Office 365 පාරිභෝගිකයන්ට දැන් download කර ගැනීමට හැකියාව ඇති අතර Volume License පාරිභෝගිකයන්ට ඔක්තෝම්බර් පළවෙනිදා සිට Download කරගන්න හැකියාව ලැබේවි.

Comments

comments

1 COMMENT

LEAVE A REPLY