Windows වල Original File Manager දැකලා තියෙනවද?

Windows වල Original File Manager දැකලා තියෙනවද?

2421
0
SHARE

File Manager කියන්නේ මොකක්ද? මේක අපි පාවිච්චි කරන්නේ File කළමනාකරණය කරගන්න පාවිච්චි කරපු application එකක් විදිහට. මෙයා එන්න කලින් මේ වැඩේ කරන්න හිටියේ MS-DOS executive කියන software එක. නමුත් users ලට පාවිච්චි කරන්න තියෙන අමාරුකම් එක්ක නිකන්ම file එක විතරක් display වෙන program එකක අඩුව මිනිස්සුන්ට දැනුනා. Graphical interface එකක් විදිහට File Manager ලොකු පහසුවක් වුණා. File Manager දකින්න හම්බුනා ප්‍රධාන Operating System ගණනාවකම. ඇත්තටම මේ OS ඊයේ පෙරේදා පාවිච්චි වුනු ඒවානම් නෙමෙයි. Windows 95, Windows NT 4.0 වගේ ටිකක් පරණ OS වර්ග පාවිච්චි කරපු අයට කලින් තිබුන DOS executive ට වඩා පැහැදිලිව files කළමනාකරණය කරගන්න මෙයා උදව් වුණා.

left-hand panel එකේ directories list එක බලාගන්න පුළුවන්. දැන් පාවිච්චි කරන list එකට අදාල directories තියෙන්නේ right-hand panel එකේ. මෙයාට කලින් හිටපු MS-DOS executive මේ කියන දේවල් කලාට ඒවා කරන එක පහසු උනේ නැහැ. නමුත් create, rename, move, print, copy, search කරන්න, delete කරන්න files හා directories වගේ දේවල් වලට File manager සෑහෙන වැදගත් වුනා.

File Manager Versions

මේකේ Versions කිහිපයක්ම පැවතුනා. 16-bit version එක තමයි මේකේ original version එක. මේ version එකේ ලොකු අඩුපාඩුවක් තිබුනා. මේක support කලේ නැහැ Windows 95 වලට. දිග නාමයන් වලට වගේම වචන දෙකකින් හැදුනු වචන වලටත් මේ 16-bit version එක support කලේ නැහැ. මේ නිසාම Windows NT වලට අලුත් 32-bit version එකක් අදුන්වලා දෙන්න සිදු වුණා. හැබැයි මේකෙන් ඒ ප්‍රශ්නේ විසදුනා කියුවොත් හරි.

අපි දැන් මේ කතා කලේ බොහොම ආදී කාලේ OS වල මේක තිබ්බා කියලනේ. ඔබ දන්නවද Windows 10 වලට ආයෙත් file manager ඇවිත් කියලා? ඇත්තටම මේ නිකුත් වීම සිද්ද වුනේ 2018 අප්‍රේල් මාසයේදී. නිකන්ම file manager විතරක් නෙමෙයි, ඔබට අවශ්‍යයිනම් Github එකෙන් source code පවා ලබාගන්න පුළුවන්. මේ code එක දැනට maintain කරන්නේ Microsoft ආයතනයේ ප්‍රවීනයෙක් වුනු, Craig Wittenberg. මොහු විසින් පරණ code එක නැවත අරගෙන දැනට MIT license හරහා ඔහු සතුව තබාගෙන තිබෙනවා. ඔබත් පරණ windows වලට ආදරේ කරන කෙනෙක්නම් ඔබටත් පුළුවන් ඉහල තිබෙන ලින්කුවෙන් මෙය download කරගන්න.

නැවත හමුවෙමු…

Source:https://www.theverge.com/2018/4/9/17214586/microsoft-windows-file-manager-windows-10-app-download

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY