Open Source,Microsoft Azure සමඟ අත් විඳින්න

Open Source,Microsoft Azure සමඟ අත් විඳින්න

2809
0
SHARE

බොහෝ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමයි මේ Azure එක්ක අපිට වැඩ කරන්න බෑනේ, අපි Open sourceනේ කියන එක. මෙන්න ඒකට විසඳුම, ඔබට පුලුවන් ඕනෑම පරාසයක open source සහ community driven software එකක්, Azure සමඟින් භාවිතා කරන්න. Ubuntu, SUSE වැනි Linux Distributions ද, Chef, Puppet, සහ Docker වැනි Community Driven solutions ද, Oracle Database සහ Oracle WebLogic Server වැනි බොහෝ දේ සඳහා Azure ලඟ විකල්ප ඇත.

01-enjoyAzure සමඟ ඔබගේ ප්‍රියතම එසේත් නැත්නම් ඔබේ ආයෝජනය ඉහළ නංවන ඕනෑම තීරණයකට යා හැක. PHP, Node.js, Ruby, Java සහ Linux සමඟින් IaaS යන සියල්ලටම මෙය support කරනවා.

Azure Marketplace එකෙහි azure සමඟ වැඩ කල හැකි Linux distributions බොහෝ ප්‍රමාණයක් ඇතුලත් වෙනවා. Ubuntu, SUSE, OpenSUSE, CentOS සහ CoreOS ඒවායින් කිහිපයක්. ඒ වගේම, මේවායෙහි images, VM Depot එකේ store කරගන්නවා. ඉතින් ඔබට අවශ්‍ය පරිදි සකසා ගත් DIY Linux images මෙහි publish කර ලොව පුරා බෙදා හැරිය හැක.

Opensource-Image

Azure SDK සියල්ලම open source. ඒ වගේම GitHub එකේ host කරලයි තියෙන්නේ. Azure Documentation Center එකෙහි how-to, sample codes සහ community forums භාවිතයෙන් මේ පිළිබඳව තවත් තොරතුරු ලබා ගත හැක.

03-dockerDocker ගැන ඔබ මේ වන විටත් දන්නවා ඇති. එය පහසුවෙන්ම ඔබට containers භාවිතයෙන් applications නිර්මාණය කර deploy කිරීමට උපකාර වන open source engine එකක්. ඉතිං Marketplace එකෙන් හෝ Azure command-line interface එකෙන් ඔබට ක්ෂණිකව full Doker host එකක් virtual machine එකක් තුල deploy කර කරගන්න පුලුවන්. එමෙන්ම මෙහිදී Chef, Puppet වැනි DevOps tools මඟින් ඔබේ Linux virtual machine එක manage කරගත හැක.

03-valueඔබේ SharePoint sites, PHP portals සමඟ සම්බන්ධ කරන්න. ඒ වගේම Linux batch processes ඔබේ .NET applications වලට ගැලපෙන ආකාරයට හසුරුවාගන්න. තවත් කියනවනම් මෙය නොයෙක් තාක්ශණයන් සමඟ වැඩ කල හැකි කදිම eco-system එකකි.

Azure සමඟ Java වැඩ කරන අයුරු දැනගන්න,

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY