Skype Real-time Translator දැන් ඔබට

Skype Real-time Translator දැන් ඔබට

15004
2
SHARE

මෙච්චර කාලයකට Microsoft සමාගමට හොඳ භාෂා පරිවර්තන  Software එකක් තිබ්බේ නැහැ .මාස 6ක පමණ කාලයක් පෙරහුරු පරීක්ෂණ වලින් අනතුරුව Microsoft සමාගමට හැකිවෙලා තියෙනවා Testing සඳහා translation Software එකක් නිකුත්කරන්න, ඒ Skype Real-Time Translation නමින්. කලින් Release එකේදී මේ Software එක ඉතාලි හා චීන භාෂාවලට ප්‍රතිචාර දැක්වුවා.මේ Preview Version එක සඳහා Microsoft සමාගම Sign-up වීමේ අවශ්‍යතාවයත් ඉවත් කරලා තියෙනවා අනිත් අයටත් Testing කරන්න. මොකද Microsoft සමාගමට ඉන්නේ කුඩා Testing Team එකක් හින්දා.දැනට මේ Skype Translator එකට පුලුවන් ඉංග්‍රීසි,ප්‍රංශ භාෂාව,ඉතාලි භාෂාව හා මැන්ඩරින්( චීන භාෂාවක් ) පරිවර්තණය කරන්න.

Skype Translator එක වැඩකරන්නේ Windows 8 App එක භාවිතාකරලා.මේ මගින් පරිවර්තණය කල වචන, වචන වශයෙන් හෝ ශබ්ද වශයෙන් ලබාගන්න පුලුවන්.කලින් Preview Version වලදි පොඩි පොඩි පරිවර්තන ප්‍රශ්න තිබ්බත් ඒවා  සංවාදයක් කරගෙන යැමට එච්චරම ප්‍රශ්ණයක් වුනේ නැහැ.Skype Real-Time Translator එක දැන් හැම කෙනෙක්ටම පාවිච්චි කරලා බලන්න පුලුවන්. මතකතියාගන්න, ඒත් මේක Test Version එකක්. Skype Real-Time Translator තාම වැඩ කරන්නේ Windows 8 හා Windows 10 සඳහා පමණයි. Windows 8 හා Windows 10 පරිගණක සඳහා මේ App එක Download කරගන්න පුලුවන් Windows Store එකෙන්.

Skype Real-Time Translator පිළිබඳ පහළ Video  එක බලන්න.

.

Comments

comments

2 COMMENTS

LEAVE A REPLY