Microsoft AI Foundry Architecture

Microsoft AI Foundry Architecture

10
0
SHARE

AI solution එකක් build කරනකොට, එය surface එකේ simple app එකක් වගේ පෙනුනත්, ඇතුළත highly structured architecture එකක් තියෙනවා. ඒ architecture එක හරියට design කරලා නැත්තම්, performance issues, scaling problems, සහ security risks වගේ දේවල් ඉක්මනින්ම ඉස්මතු වෙනවා.

Microsoft AI Foundry මේ challenge එකට structured solution එකක් දෙන්නේ layered architecture එකක් හරහායි. මේ architecture එක developers ලාට AI systems build කරන්න, manage කරන්න, සහ scale කරන්න clear framework එකක් සපයා දෙනවා.

https://media.licdn.com/dms/image/v2/D5612AQF6nSmc6NzDJw/article-cover_image-shrink_720_1280/B56ZVoXG7OHoAI-/0/1741212643932?e=2147483647&t=8KlVtVhw5tylfIevIOjeaW4PxxYBWqUisFdb97_R73E&v=beta


Microsoft AI Foundry Architecture – High Level View

Microsoft AI Foundry architecture එක broadly layers 4කට divide කරලා තියෙනවා:

  1. Model Layer
  2. Orchestration Layer
  3. Data Layer
  4. Application Layer

මේ layers එකට එකක් connect වෙලා end-to-end AI workflow එකක් නිර්මාණය වෙනවා.


1. Model Layer – AI system එකේ “brain” එක

මෙය AI system එකේ core intelligence එක.

මෙහි include වෙනවා:

  • GPT වැනි foundation models
  • Open-source models
  • Custom-trained models

මේ layer එකේ main responsibility එක වෙන්නෙ Data එක input කරලා meaningful output generate කරන එක.

Example:
Customer support chatbot එකක් build කරනකොට, user question එක analyze කරලා response එක generate කරන එක මෙහි සිදු වෙනවා.

මේකෙ තිබෙන Key advantage එක තමයි Developers ලාට model train කරද්දි ආරම්භක පියවරේ ඉදලම කරන්න අවශ්‍ය නැහැ. Pre-built models use කරලා කාලය ඉතිරි කරගන්න පුළුවන්.


2. Orchestration Layer – AI workflow එක control කරන engine එක

මේ layer එක AI system එකේ “brain” එකට instructions දෙන controller එකක් වගේ.

මෙහි ප්‍රධාන functions වෙන්නෙ,

  • Prompt engineering manage කිරීම
  • API calls handle කිරීම
  • Workflow automation

Example:
User question එක → model එකට send කරන prompt එක → response format කරන logic එක

මේ ක්‍රියාවලිය හරහා විශ්වාසයක් ගොඩනගනවා AI system එක predictable, consistent outputs ලබා දෙනවා කියලා.

💡 Simple විදිහට:
Model එක answer දෙනවා, නමුත් Orchestration layer එක decide කරනවා කොහොමද answer එක ගන්නෙ සහ return කරන්නෙ කියලා.


3. Data Layer – AI system එකේ “fuel” එක

AI system එකක් හොඳට වැඩ කරන්න නම් quality data set එකක් අත්‍යවශ්‍යයි.

මෙහි include වෙනවා:

  • Azure Data Lake
  • Microsoft Fabric integration
  • Structured & unstructured data sources වගේ දත්ත

මේ layer එකේ responsibility විදියට නම් කරන්න පුලුවන් කිහිපයක් තිබෙනවා

  • Data store කිරීම
  • Data process කිරීම
  • Real-time & batch data handle කිරීම

Example:
Retail company එකක් customer purchase data use කරලා recommendations generate කරනවා නම්, ඒ data manage වෙන්නේ මේ layer එක තුළ.

වැදගත්ම කරුණක් තමයි garbage data දාලා good AI results expect කරන්න බැහැ. Data quality එක AI success එකට direct impact එකක් වෙනවා නිරන්තරයෙන්ම.


4. Application Layer – End-user කෙනෙක්ට පෙනෙන layer එක

මේ layer එක තමයි user කෙනෙක් application එකත් එක්ක interact කරන part එක.

Examples:

  • Web applications
  • Mobile apps
  • Chatbots
  • Enterprise dashboards

මෙය AI outputs end-users ලට usable format එකකින් දත්ත නිරූපණය කරනවා. User experience එක fully depend වෙන්නේ මේ layer එක මතයි

Example:
Chatbot interface එකක්, dashboard එකක්, or AI-powered search tool එකක්.


Azure Integration – Architecture එකේ backbone එක

Microsoft AI Foundry තදින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ Azure ecosystem එකත් එක්ක.

මෙහි include වෙනවා:

  • Azure Machine Learning
  • Azure OpenAI Service
  • Azure Cognitive Services

මේ integration එක නිසා Scalability, Reliability වගේම Enterprise-grade performance නිරන්තරයෙන්ම ඉතාම හොදින් පවතිනවා.


Security & Governance (Enterprise level protection)

AI systems handle කරන data sensitive වෙන්න පුළුවන්. ඒ නිසා Foundry architecture එකේ security කියන්නෙ මූලිකම built-in feature එකක්.

Key features:

  • Role-Based Access Control (RBAC)
  • Data privacy controls
  • Responsible AI policies

මේවා ensure කරනවා organization data නිවැරදිව භාවිතා වෙනවා කියලා.


Architecture එකේ real value එක

මෙම layered approach එකේ main advantage කිහිපයක් තිබෙනවා:

✔️ Complexity reduce වෙනවා
✔️ Development structured වෙනවා
✔️ Systems easily scale කරන්න පුළුවන්
✔️ Maintenance simple වෙනවා

Developers ලාට “everything from scratch” build කරන්න වෙනුවට, reusable architecture එකක් use කරන්න පුළුවන්.


Final Thoughts

Microsoft AI Foundry architecture කියන්නෙ simple tool එකක් නොවෙයි. එය well-designed AI ecosystem එකක්.

Layer-by-layer approach එක developers ලාට clarity, flexibility, සහ scalability ලබා දෙනවා. ඒ නිසා small projects වලින් enterprise-level AI systems දක්වා same foundation එක use කරන්න පුළුවන්.

අනාගතයේ AI solutions build කරනවා කියන්නේ code ලියන එකට වඩා architecture design කරන එකට වැඩි වැදගත්කමක් තියෙන දෙයක්. Microsoft AI Foundry ඒ journey එකට solid foundation එකක් දෙනවා.

අලුත් ලිපියකින් නැවත හමුවෙමු…