Microsoft සමාගම Android Apps Windows 10 තුල ධාවනය කිරීමට ඉඩ සලසන Project Astoria හඳුන්වා දුන්නා. දැන් CodeWeavers කියන සමාගම එහි ප්‍රතිවිරුද්ධ දේ කිරීමට සැරසෙනවා. එම සමාගමට අනුව ඔවුන්ගේ මෘදුකාංගය හරහා Windows apps, Android තුල භාවිතා කිරීමට හැකි වෙනවා. Mobile Apps පමණක් නෙවෙයි, desktop apps පවා මෙලෙස භාවිතා කල හැකි බවයි ඔවුන් පවසන්නේ.
හැබැයි පොඩි ගැටළුවක් තිබෙනවා. දැනට වෙළඳපොලෙහි පවතින Android දුරකථන බහුතරයක මෙය ක්‍රියාත්මක කිරීමට නොහැකියි. ඒ Windows Apps ධාවනය කරන්නට x86 processor එකක් අවශ්‍යය වීම නිසයි. විශේෂයෙන්ම desktop apps සඳහා. දැනට Nokia N1 සහ Asus Zenfone 2 වැනි උපාංග කිහිපයක් පමණයි Intel processors සමගින් පැමිණෙන්නේ. දැනට පවතින බහුතරයක් වූ Android දුරකථන වල භාවිතා කරන්නේ ARM architecture එක වීමයි ගැටලුව.
ඒ වාගේම සියලුම Windows Apps මෙලෙස Android තුලදී භාවිතා කිරීමට හැකි වන්නේ නැහැ. මේ මෘදුකාංගය නිකුත් කල පසු එය නොමිලේ ලබා ගැනීමට හැකි වෙනු ඇත. මේ emulator එක දැනට ටැබ්ලට් පරිගණක වලට අනුකුල වන බව සමාගම පවසා තිබුනත් Android දුරකථන පිළිබඳව නම් කිසිවක් පවසා නැහැ.
අන්තර්ජාලය ඇසුරෙනි.
[…] ළඟදීම Windows Apps ඔබේ Android උපාංගයට […]