System Settings වෙනස් කිරීමට application දෙකක් තිබීම පිළිබඳව බොහෝ විචාරකයන් ඍණාත්මක අදහස් පළ කරනවා. Windows 8 මෙහෙයුම් පද්ධතියේ සිට මෙලෙස සම්ප්‍රදායික Control Panel එක සහ touch friendly, Settings යන application දෙක දක්නට ලැබෙනවා. නමුත් මේ දෙකෙන්ම සිදු වන්නේ බොහෝ සෙයින් සමාන කාර්යයන්. Windows 10 සමඟ පැමිණෙන Settings application එක Windows 8 වලදී ට වඩා විකාශනය වී තිබෙනවා. නමුත් මේ application දෙකම තවමත් Windows 10 තුල පවතිනවා.
Windows Insider වැඩසටහනේ ප්‍රධානි Gabe Aul, Insider වැඩසටහනේ සාමාජිකයන් දෙදෙනෙකුගේ ප්‍රශ්න වලට Twitter හරහා ප්‍රතිචාර දක්වා තිබුනා. ඒ අනුව හැගී යනවා Windows හි සම්ප්‍රදායික Control Panel එක ළඟදීම විශ්‍රාම ගන්වන බව.
@billybobjoe2211 @GabeAul Settings will eventually supersede Control Panel. Some stuff not moved over. But haven't had to use CP in months.
— Brandon LeBlanc (@brandonleblanc) October 4, 2015
@billybobjoe2211 @brandonleblanc Having two separate implementations means more code complexity and disk/mem usage. Getting to one is leaner
— Gabriel Aul (@GabeAul) October 4, 2015
තවමත් Settings තුලට ඇතුලත් නොකල Control Panel හි අංග පවතින බැවින් ඒ සියල්ල Settings තුලට අනාගත Windows 10 Builds හරහා ඇතුලත් කල පසු මෙය සිදු වේ යැයි අපේක්ෂා කරනවා.
[…] Control Panel එක නුදුරේදීම ඉවත් කරන ලකුණු […]