Phone එක ඔබේම ව්‍යායාම පුහුණුකරු බවට හරවන Perfect Workout App එක

Phone එක ඔබේම ව්‍යායාම පුහුණුකරු බවට හරවන Perfect Workout App එක

10497
0
SHARE

ඔබ ඇතැම් විට GYM යනවා වෙන්නට පුලුවන, ඇතැම් විට ඔබ ගෙදර ඉදන් exercise  වල යෙදෙනවා වෙන්නට පුලුවන. නමුත් ඔබට ඔබගේ GYM එකේ පුහුණු කරුගෙන් ලැබෙන මඟපෙන්වීමෙන් හෝ ඔබගේ ව්‍යායාම පිළිබඳ ඇති දැනුමෙන් ඔබ සැහීමට පත්වෙනවාද …? ඇත්තෙන්ම මේ සියල්ලට විකල්පයක් ලෙස දැන් ඔබට Perfect Workout ඇප් එක නොමිලයේ Windows Phone Store එකෙන් ලබා ගත හැකිය.

මේ app එක නිර්මාණය කර තිබෙන්නේ exercise කිරීම සඳහා මගපෙන්වීමට (Guide) හා ඔබ විසින් දිනපතා සිදුකල exercise ප්‍රමාණය store කර තබාගෙන එමගින් ඔබගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව වාර්තා ලබාගැනීමටත් හැකිවන ආකාරයටයි.

අපි දැන් ඇප් එකේ features කීපයක් වෙත යොමුවෙමු.

Perfect_Workout (2)

මේ app එකේ ප්‍රධාන පිටූවයි. මෙහි ප්‍රධාන වශයෙන් Full Body Exercise එකක් සඳහා අවශ්‍යකරණුලබන උපදෙස්, ඒ සඳහා අවශ්‍ය කාලය හා ඊට අදාල steps පෙන්නුම් කරයි. මෙහි ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මෙම exercise වලට අදාල steps animation මගින් පෙන්වීමයි.

Perfect_Workout (1)

තවද මෙම app එක මගින් ස්වය්ංක්‍රීයව ඔබ විසින් සිදුකරණුලැබූ exercise ප්‍රමාණය store කර තබාගන්නා අතර එමගින් ඔබ විසින් කරන ලද exercise පිළිබඳ දල අවබෝධයකට පැමිණිය හැකිය.

Perfect_Workout_Screens

මෙහි නොමිලයේ exercise කිහිපයක් සඳහා උපදෙස් ලබාදෙන අතර ඔබට තවත් විවිධ වූ ශාරීරික සුවතා උපදෙස් ලබාගැනීමට ඒවා මුදල් ගෙවා ලබාගත හැකිය. තවද මෙම app එක මගින් ඔබට exercise සඳහා වෙලාවන් වෙන්කර reminders තබා ගැනීමේ හැකියාවද ඇත.

⇓ ඇප් එක Download කරගන්න.


QR_Perfect_Workout

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY