වසර 15කට පසු අලුත් වෙන Skype

වසර 15කට පසු අලුත් වෙන Skype

1912
0
SHARE

Skype කියන්නේ තාක්ෂණික ලෝකයේ අමුතු වචනයක් නෙමෙයි. අද කාලේ වෙද්දී ආච්චිලා සීයලා පවා තමන්ගේ දරු මුණුබුරන් එක්ක කතා කරන්න Skype පාවිච්චි කරනවා. Skype කියන්නේ telecommunication application software එකක්. මේකෙන් ඔබට පුළුවන් Voice Calls, Video Chat කරන්න. ඒ වගේම Instant Messaging සේවාව පවා Skype මගින් සපයා තිබෙනවා. සමහර ආයතන තමන්ගේ Video Conference වලට පවා Skype පාවිච්චි කරනවා, user friendly බව හා එහි ඇති professional ගතිය නිසා.

ඇත්තටම Skype සේවාව ලැබෙන්නේ නොමිලේ. නමුත් ඔබ landline හෝ mobile phone number එකකට කතා කරනවානම් Skype Credit හෝ Subscription එකක් අවශ්‍ය වෙනවා. 2010 වසර වෙනකොට ලෝකය පුරා මිලියන 660කට අධික ජනතාවක් Skype භාවිතයට හුරු වෙලා තිබ්බා. 2012 වසර වෙනකොට  සේවාවේ නොනවත්වා එක දිගට online සිටින ජනතාව මිලියන 34 ඉක්මවා තිබුණා. 2009 වසරේදී eBay විසින් Skype මිලට ගන්නවා ඩොලර් මිලියන 2.6ක මුදලකට. මේ කාලය වෙනකොට ජනප්‍රිය වෙමින් පැවතුනු Application එකක් වුන Skype නැවතත් මිලට ගන්නවා Microsoft විසින් 2011දී. ඒ මිලියන 8.5ක් වගේ විශාල මුදලකට.

Skype කියන්නේ Peer-to-peer හා Client-Server system දෙකේම එකතුවක් කියන්න පුළුවන්. 2012 සිටම Skype බලාත්මක කළේ Microsoft වලට අයිති supernodes විසින්. 2016 හා 2017 වසර වලදී Centralized Azure System එකකට මාරු කෙරුණා මේ පද්ධතිය. 2003 වසරේ ඉදන් 2018 වෙනකන්ම වසර 15ක් ගෙවී අවසන්. ඔබ විශ්වාස කරන්න මේ වන තෙක් recording feature එක Skype සතුව පැවතියේ නැහැ. එතකොට පහුගිය කාලේ record කලේ කොහොමද? ඇත්තටම මෑතක් වෙනකන්ම recordings වලට පාවිච්චි කලේ Third party apps. උදාහරණයක් විදිහට කියනවනම් Xsplit, Wirecast, Vmix වගේ software. මේවා පාවිච්චිය කරදරයක් වෙන්නේ හදිසි ඇමතුමක් record කරන්න තව app එකක් ඕනේ කියල ඔබ දැනගත්තට පස්සේ.

මේ පුවත හුගක්ම වැදගත් වෙන්නේ Vloggersලා, Streamersලට වගේම Podcast Creatorsල වගේ කට්ටියට. මේ version එක Windows 10 හා Mac පාරිභෝගිකයන්ට තමන්ගේ Desktop Skype එක Content Creators Mode එකට මාරු කලොත් , ඔබටත් මේ අත්දැකීම අත්විදින්න පුළුවන්. මේ Mode එකට මාරු කරලා මේක අත් විඳින්න කියන්නේ මේක තවමත් release වෙලා නැති නිසා. ඇත්තටම මේ ගැන තාම Microsoft ලොකු සඳහනක් කරලා නැතත් business call එකක් හදිස්සියේ ගන්න වෙලාවක note එකක් දාගන්න තැනක් නැති උනාම, ඔබ වාර්තාකරුවෙක් නම් ඔබ ගන්න Skype call එක record කරගන්න තිබ්බනම් වටිනවා කියලා හිතුන වෙලාවක් ඔබට ඕනේ වෙලාවක එන්න පුළුවන්. ඒ වෙලාව නැවත ඔබ වෙත එන්නේ නැහැ. මේ feature එක  දැනටමත් Zoom වගේම Google Hangouts සේවා තුලින් ඔබට ලබාගන්න පුළුවන්.

Skype වගේ සේවාවක් තුල වෙනමම සිටින පිරිසක් ඉන්නවා, අනෙකුත් සේවා පරික්ෂා කරලා බලන්නවත් කැමති නැති. මේ සේවාව NAB Show එක තුල පවා ප්‍රදර්ශනය කලා. මේකේ සම්පුර්ණ release එක මේ වසර අවසන් වීමට කලින් නිකුත් වේවි.

නැවත හමුවෙමු…

Source: https://www.theverge.com/2018/4/6/17208214/microsoft-skype-call-recording-content-creator-mode

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY