Amazon Go වලට කුරුමානම් අල්ලන Microsoft

Amazon Go වලට කුරුමානම් අල්ලන Microsoft

1718
0
SHARE

අලුත් අලුත් විදිහවල් වල තාක්ෂණ එක්ක උරනුර ගැටෙන Microsoft, මේ පාර අතගහන්න යන්නේ business එකකට.  ඔබ අහලා තිබෙනවද Amazon Go ගැන? සමහරවිට ඔබ භාණ්ඩ මිලදීගෙන පවා ඇති Amazon Go වෙළඳ සැලකින්. දැනට සියැටල් හා වොෂින්ටන් නගර පදනම් කරගෙන ගොඩ නැගුනු මේ වෙළඳසැල් ජාලයේ තිබෙන විශේෂත්වය තමයි, මේක සැහෙන දුරට Automated. Cashier කෙනෙක් නැතුව තමන්ට ඕනේ කරන බඩු මුට්ටු අරන් එලියට බහිද්දී, සල්ලි ටික පවා Automatically අඩු වෙන්න තමයි හදලා තියෙන්නේ. 2016 දෙසැම්බර් මාසයේදී පටන් අරන් තමන්ගේ සේවකයන් වෙනුවෙන් තිබුණු Amazon Go පසුව 2018 ජනවාරි මාසයේදී පොදු මහජනතාවට විවෘත කෙරුණා.

ඔබ මොහොතකට සිතුවද මේ Amazon Go වෙළඳසැල් වල පාවිච්චි වෙන තාක්ෂණය මොකක්ද කියන දේ. Computer Vision, Deep Learning වගේම Sensors මේකෙදි පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍ය වෙළඳසැලක තිබෙන purchasing, payment හා check-in කියන පියවර තුනම මේවගේ fully automated කරලා තියෙන්නේ. ඒ වගේම වෙළඳසැල් හිමියාගේ රාජකාරියක් වූ, inventory management හා supply chain පවා automated වෙලා තියෙන්නේ. ඔබට කරන්න තියෙන්නේ Amazon Go app එක ඔබගේ දුරකථනයට දාගන්න විතරයි. ඔබට පුළුවන් අලුතින් කට්ටිය එකතු කරගන්න, හිතන්න පවුලේ අය කියල. ඔබේ පුතා, දුව, නංගි, මල්ලි මේ සියලු දෙනාගේ ගන්න බඩු වල වියදම ඔබේ credit card එක තුලින් ගෙවන්න හදාගන්න පුළුවන්. මේ වගේ පහසුකම් ගොඩක් එක්ක ගොඩනැගුනු Amazon Go වලට ඉස්සරහට එන්න ඉන්න තරඟකරුවෙක් ගැනයි මේ කතාව.

Microsoft අලුතින් වැඩක් පටන් අරන් තිබෙනවා. cashier කෙනෙක් නැති වෙළඳසලක අදහසක්. මේක ක්‍රියාත්මක වීම ආරම්භ වීම Amazon Go වලට සෑහෙන ලොකු ප්‍රශ්නයක් වේවි. මේ වනකොටත් ලෝකය පුරා වෙළදසැල් හිමියන් ගණනාවක් එක්ක මේ වෙනකොටත් Microsoft කතා කරලා ඉවරයි. Microsoft මේකට Walmart එක්ක පවා කතා කළා. Amazon හා Microsoft තරඟ කරුවන් විදිහට හම්බෙන පලවෙනි අවස්ථාව නෙමෙයි මේක. ඔබ දන්නවා Cloud Technologies වලදී Amazon Web Services හා Azure කොච්චර ලොකු තරඟකරුවන්ද කියන දේ.

ගැටලුව තමයි Microsoft විසින් ලබාදෙන්න යන technology එකේ තියෙන වැදගත්කම මෙතෙක් කල් Amazon Go වල ප්‍රධාන තරඟකරුවන් වටහා නොගැනීම. ඇමරිකාවේ තිබෙන ප්‍රධානතම රැකියා වලින් එකක් තමයි cashier කියන්නේ. ඔවුන් තමන්ගේ නිර්මාණයන් මේ වෙනකොට Microsoft CEO, Sathya Nadella පවා නිරීක්ෂණය කරලා තියෙනවා. Nadellaට අනුව Intelligent edge device එකකින් මේ සියල්ල කරගන්න නිර්මාණය කරන්න කියලා අදහසක් නිකුත් වෙලා තියෙනවා.

ඔබ විශ්වාස කරන්න Microsoft විසින් Amazon Go කණ්ඩායමේ හිටපු සාමාජිකයන් පිරිසක් සේවයට බඳවා ගත්තා, carts track කරන විදිහ සහ camera positioning කරන ආකාරය පිළිබඳව දැනුම ලබාගන්න. මේ තාක්ෂණය එලියට එන දවසක් නැති උනත් ඉක්මනින්ම අප අතරට ඒවි කියන බලාපොරොත්තුව තිබෙනවා.

නැවත හමුවෙමු…

Source: https://www.businessinsider.com/microsoft-amazon-go-walmart-checkout-free-retail-2018-6

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY