Tech ලෝකයේ දැවැන්තයන් ගිවිසුමකට එළඹෙයි

Tech ලෝකයේ දැවැන්තයන් ගිවිසුමකට එළඹෙයි

2064
0
SHARE

Cyber attacks එහෙමත් නැත්නම් අපි කියනවා සයිබර් ප්‍රහාර පසුගිය දශකය පුරාවටම සෑහෙන දරුනුවටම සෑම IT ආයතනයකටම වගේම ලෝකයේ ප්‍රබල ගනයේ සෑම ආයතනයකටම බලපාන ලද බව ඔබ එදිනෙදා අත්විදින්නට ඇති.

මේ මහා ව්‍යසනයට පිළිතුරක් සොයන්න ලෝකයේ ප්‍රබලම තාක්ෂණික සමාගම් 34ක් එකතු වෙලා Cybersecurity Tech Accord එකක් සඳහා තමන්ගේ කැමැත්ත පල කරලා තිබෙනවා. මේ සඳහා Facebook, Microsoft, HP, ARM, Cisco, හා Oracle වගේ ප්‍රබලම සමාගම් ගණනාවක් එකතු වුන එකයි වැදගත්ම දේ. Cyber Security Tech Accord මගින් කරන්නේ cyber security වල පවතින වැදගත්කම රාජ්‍ය තන්ත්‍රයන්ට පැහැදිලි කර දීම. මෙය ඔවුන් හඳුන්වන්නේ “to do more, and say more, on vulnerability handling” විදිහට. මේ වන විට ලෝකයේ සිටින රාජ්‍යයන් ගණනාවක් තමන්ගේ තාක්ෂනය ආරක්ෂිතව පවත්වා ගන්න උනන්දු වෙමින් සිටිනවා.

Microsoft හි president හා chief legal officer වශයෙන් කටයුතු කරන Brad Smith ට අනුව මේ සෑම කෙනෙක්ම digital Geneva Convention එකක් කරා එළඹිය යුතු කාලය පැමිණ තිබෙනවා.

Accord එකට අනුව මේ සඳහා තම එකඟතාව පල කල සමාගම් එකඟ වුනු ප්‍රධාන කරුණු 4ක් ගැන සඳහන් කෙරුණා. පලවෙනි කරුණ වෙන්නේ helping to protect customers from future attacks. මේ කරුණින් කියවෙන්නේ ලෝකයේ ඉදිරි කාලයේදී එන්න පුළුවන් විදිහේ malware ප්‍රහාර වලට තමන්ගේ පාරිභෝගිකයන් පෙර සුදනමකට ලක් කරන්න කියන කරුණ. ඔබට මතකනම් පසුගිය සමයේ facebook විසින් තමන්ගේ usersලගේ දත්ත තුන්වන පාර්ශවයන්ට විකිණීම වගේ බොහොම දරුණු ගනයේ අපරාධ සිදු වුණා. මේ වගේ සිද්ධි දිගින් දිගටම වෙන එක වලක්වලා තමන්ගේ පාරිභෝගිකයන් එහෙමත් නැත්නම් රසිකයන් රැක ගැනීම මේ සෑම කෙනෙක්ගෙම වගකීමක් වෙනවා.

දෙවෙනි කරුණ විදිහට දැක්වුණේ refusing to assist governments in launching attacks යන්න. සමාජය කියන පුළුල් මාතෘකාවෙන් මදක් එලියට ගිහින් රාජ්‍ය යාන්ත්‍රනය කියන මාතෘකාව ගැන මීළඟ කරුණින් කියවෙන්නේ. සාමාන්යෙන් තුන්වන ලෝක යුද්ධයක් ගැන ලෝකයේ කතා වෙන සමයක ඕනෑම රටක ඒකාධිපති පාලකයෙක් අදහස් කරන්න පුළුවන් තමන්ගේ තාක්ෂණික බලය පෙන්වීමේ අරමුණින් යුතුව වෙනත් රටක් තාක්ෂනය අතින් වට්ටන්න කටයුතු කරන්න. මේ දේ නොකරන්න මේ සියලු සමාගම් එකඟ වුණා.

තුන්වන කරුණ වෙන්නේ working to improve the ability of developers and customers to protect themselves. මේ කරුණින් කියවෙන්නේ තමන්ගේ ආරක්ෂාව තමා විසින් සලසා ගන්න විදිහ පිළිබඳව තමන්ගේ ආයතනය හා සම්බන්ධ developersලා සහ පාරිභෝගිකයන් දැනුවත් කර තැබීම වගේ බොහොම වැදගත් කරුණක්. සාමාන්‍යයෙන් developer කෙනෙක් කියන්නේ software එක්ක වැඩ කරන කෙනෙක්. නිතරම අන්තර්ජාලය එක්ක වැඩ කරන කෙනෙක්. මේ වගේ කෙනෙක් cyber ප්‍රහාරයකට ලක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. මේ වගේ කෙනෙක්ට cyber security ගැන අවබෝධයක් ලබා දීම සෑහෙන්න වටිනවා.

සිව්වැනි කරුණ වෙන්නේ collectively working to collaborate and share vulnerabilities and threats. මේකෙන් කියවෙන්නේ ඉදිරි කාලයේදී පැමිණෙන්න තියෙන සියලුම vulnerabilities හා threats වලට අදාලව සියලු සමාගම් එක හා සමානව එකට එකතු වී වැඩ කරන බව. එක එක සමාගම් වෙන වෙනම තර්ජන වලට ලක් වෙන්න පුළුවන්. නමුත් මේ හැම සමාගමක්ම එකතු වුන වේලාවකදී දරුණු hacker කෙනෙක්ට වුනත් පහසුවෙන් යටත් කරගන්න පුළුවන් වෙනවා.

මේ ගිවිසුමට Apple, Google හා Amazon කියන සමාගම් එකතු වී නැති වුනත් ඔවුන් පවා ඉක්මනින් මේ හා එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු…

Sources: https://www.theverge.com/2018/4/17/17248070/facebook-microsoft-cybersecurity-tech-accord-cyberattacks-pledge-governments

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY